බැංකු දෙකකට වෙලා?. රජයේ තොරතුරු පද්ධති 40ක් ගැන එකවරම විශේෂ තීරණයකට යයි..

Technology Latest Headlines Decision Making
By krishani Jul 19, 2024 02:37 PM GMT
Report

අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක මෘදුකාංගයක තාක්ෂණික දෝෂයක් හටගත් බව වාර්තා විය.

බැංකු දෙකකට වෙලා?. රජයේ තොරතුරු පද්ධති 40ක් ගැන එකවරම විශේෂ තීරණයකට යයි.. | Technical Errors

එය මෙරටට යම්කිසි බලපෑමක් සිදුව ඇතිද යන්න සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා ඇත.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ඡ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා සඳහන් කළේ එම තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන්නේ මයික්‍රොසොෆ්ට් ‍යෙදවුම් මත පදනම්ව ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම වාර්තා කැඳවා ඇති බව ය.

එමෙන්ම, ඒ මහතා කියා සිටියේ පෞද්ගලික ආයතන 4කට එහි බලපෑම් ඇති වී ඇති බවත් නිලනොලත් වාර්තා අනුව බැංකු දෙකකට ද යම් බලපෑමක් සිදුව ඇති බවත් වාර්තා වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක සිටින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ලොව පුරා ගුවන් ගමන් රැසක්ම ඇණ හිටිලා.. - හිටිහැටියේම මේ මොකක්ද වුණේ?.

ලොව පුරා ගුවන් ගමන් රැසක්ම ඇණ හිටිලා.. - හිටිහැටියේම මේ මොකක්ද වුණේ?.


කෙසේ වෙතත්, අද (19) අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක් වන ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගමේ ෆැල්කන් නම් මෘදුකාංගයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතු‍වෙන් ලොව පුරා රටවල් රැසක බැංකු, ගුවන් තොටුපොළ ඇතුළු ආයතන ගණනාවක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල විය.