උපාධිධාරීන්ගේ ගුරු විභාගයේ ප්‍රතිඵල එන්නටත් පෙර පත්වීම් දීලා..
Ministry of Education
Parliament of Sri Lanka
Sri Lanka
Western Province
Education
By Aruna
බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඔක්තොම්බර් 29 වනදා උපාධිධාරීන් සඳහා ගුරු විභාගයක් පවත්වනු ලැබුවද ප්‍රතිඵල නිතුත් කිරීමටත් පෙර පත්වීම් ලබා දීම සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එවැනි දෙයක් සිදුවනවානම් එය නැවැත්වීමට කටයුතු කරනවා ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ගෙන් ඔහු අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.
එයට පිළිතුරු දුන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර මහතා ප්‍රකාශ කළේ, ඒවැනි දෙයක් සිදුවේ නම් එය සම්පූර්ණයෙන් වැරදි බවත් ඒ් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට තමන් කටයුතු කරන බවයි.