ප්ලේන් ටී එකක මිල රුපියල් 30ට අඩු කරයි?..අසේල සම්පත් ගෙන් රතු එළියක්..

Business Mobile Litro Gas Price Laugfs Gas Price Sri lanka tea Sri Lanka Customs
By Aruna Jun 05, 2023 03:40 AM GMT
Report

ගෑස් මිල අඩු කිරීමත් සමඟ ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් ද අඩුකළ යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ඒ, අනුව සභාපතිවරයා සඳහන් කළේ, ප්ලේන් ටී එකක මිල රුපියල් 30ක් දක්වා අඩුකළ යුතු බවයි. එමෙන්ම ආපනශාලාවල ආහාර මිල ගණන් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

විපක්ෂය නියෝජනය කරන ඇතැම් හෝටල් හිමියන් මෙම සහන පාරිභෝගිකයින් වෙත ලබාදීමක් සිදුනොකරන බවයි ඔහු චෝදනා කර සිටියේ.

මේ අතර , ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම තීරණය කළ අතර, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩුකරනු ලැබුවා.

කෙසේ වෙතත් ලාෆ් සමාගම තවමත් ගෑස්මිල අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් මේ වනතෙක් නිකුත් කර නැහැ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now