ගැසට් කළ VAT බද්දත් සමග ඇතැම් භාණ්ඩ මත 200% මෙන්ම 100% බද්දක්..! ජංගම දුරකථන, වාහන ටයර්,පලතුරු වර්ග,විදුලි උපකරණ,පාවහන්,චොකලට්, ආදි එක් එක් භාණ්ඩ මත මිල ගණන් වෙනස් වන අයුරු
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරුණා. ඒ අනුව සියලු භාණ්ඩ හා සේවා මත මෙතෙක් 8%ක් ව පැවති වැට් අනුපාතය 12% දක්වා ඉහළ නැංවෙනවා.
නව ක්‍රමවේදයට අනුව කිරි, යෝගට්, බටර් , චීස් , රටඉඳි, දොඩම්, මිදි හා ඇපල් ඇතුළු භාණ්ඩ වර්ග 367ක් වර්තමානයේ පවතින නීති රීතිවලට අනූකූලව ආනයනය කළ හැකියි. චොකලට් සහ කොකෝවා අඩංගු ආහාර, සීරියල්, පලතුරු යුෂ, පානීය ජලය සහ මධ්‍යසාර නොවන පාන වර්ග ද එම ලැයිස්තුවට ඇතුළත්.
සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, පාවහන් හා හිස්වැසුම් ,සෙරමික් පිඟන් භාණ්ඩ, වීදුරු භාණ්ඩ, නාන කාමර උපාංග, වායු සමීකරණ හා ශීතකරණ, ඉලෙක්ට්‍රොනික් ගෘහභාණ්ඩ, සියලුම වර්ගයේ ස්ථාවර සහ ජංගම දුරකථන, සංගීත භාණ්ඩ, කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු ද එම ලැයිස්තුවට අයත්.
නමුත් එම භාණ්ඩ සඳහා අයකරන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ආනයනික යෝගට් සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 1000ක වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 2000ක් දක්වායි.
ආනයනික චීස් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 400 සිට 600 දක්වායි. දොඩම් කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති බද්ද රුපියල් 200 සිට රුපියල් 600 දක්වා ඉහළ දමා තිබෙනවා.
මිදි කිලෝග්‍රෑම් එකක් සඳහා පැවති රුපියල් 300ක් වූ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 600ක් දක්වායි. ඊට අමතරව තිරිඟු පිටි ආනයනයේදි රේගු බදු මත පනවන අධිභාර ප්‍රතිශතය ලෙස 75% අධිභාරයක් පනවා තිබෙනවා.
බියර්, වයින්, විස්කි වොඩ්කා ඇතුළු විදේශීය මත්පැන් සඳහා පනවා ඇති අධිභාර ප්‍රතිශතය 100%ක්. මෝටර් රථ, යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සඳහා ටයර් ආනයනය කිරීමේදී ද රේගු බදු මත 50%ක අධිභාරයක් පනවා තිබෙනවා.
විදේශිය පාවහන් මත පනවා ඇති අධිභාර ප්‍රතිශතය 75%ක්. ශිතකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා විදුලි උදුන් ආනයනයේදී 100% අධිභාරයක් පනවා තිබෙනවා.
සංගීත භාණ්ඩ සඳහා රේගු මත පනවන අධිභාර ප්‍රතිශතය 100%ක්. මේ අතර දේශීය අදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් නව බදු සංශෝධනය පිළිබඳව අදහස් පල කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |