බදු ගෙවන්නා හඳුනාගැනීමට විශේෂ ක්‍රමවේදයක් - ඔබත් මේ ඇතුළත සිටිනවාදැයි බලන්න..

Parliament of Sri Lanka Sri Lanka Income Tax Department Budget 2024 - sri lanka
By Sewvandhi Nov 13, 2023 09:35 AM GMT
Report

මෙවර අයවැය යෝජනාවලිය අවසානයේ බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ බදු ප්‍රතිපත්ති සංශෝධන යෝජනා ඇතුළත් කර තිබුණි. ඒ අනුව 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කර ඇත.

ඒ අතර අවස්ථා කිහිපයකදී බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

එම අවස්ථාවන් 4 පහතින්,
  1. ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී,
  2. ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක, ඉල්ලුම්කරු විසින්.
  3. මෝටර් රථයක් ලියාපදිංචි කරන බලපත්‍රය අලුත් කරන අවස්ථාවක, හිමිකරු විසින්.
  4. ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටක ගැනුම්කරු විසින්.

මීට අදාළ මාර්ගෝපදේශ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කිරීමට නියමිතව තිබේ.