දුම්වැටි සහ මධ්‍යසාර සඳහා නව බදු ව්‍යුහයක්

Parliament of Sri Lanka Ranjith Siyambalapitiya Sri Lanka Excise Department of Sri Lanka
By Sewvandhi Sep 20, 2022 10:10 AM GMT
Report

දුම්වැටි සහ මධ්‍යසාර සඳහා නව බදු ව්‍යුහයක් හඳුන්වා දීම සඳහා කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා එමගින් මෙම බදු ආදායම තවත් ඉහළ නැංවීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

2021 වසරේ සමස්ථ බදු ආදායමෙන් 19%ක් දුම්වැටි සහ මධ්‍යසාර මගින් ලැබී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා වඩාත් සංකීර්ණ මිල සූත්‍රයක් වෙනුවට දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මිල දර්ශකයක් හැකි ඉක්මනින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මීට අමතරව දුම්වැටි ප්‍රවර්ධනය කරන වැඩසටහන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නව ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන යෙදවුමක්ද හඳුන්වා දී තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW