ශ්‍රී ලංකාවේ බදුකරණය වෙනස් ඇයි?
බදු කියන්නේ රජය පවත්වාගෙන යාම සහ මහජන සේවාවන් සැපයීම සඳහා මුදල් ලබා ගන්නා ආකාරයයි. මේ දින වල නම් ලංකවේ නිරන්තර කතාබහට ලක්වන ,මාතෘකාවක්. ඉතින් අපි බලමු ලංකවේ මේ වන විට බදු තත්වය කොහොමද කියලා.
🔖 ඉන්දියාව හෝ බංග්ලාදේශය වැනි දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව මෙහි පුරවැසියන්ගෙන් අය කරන්නේ සාපේක්ෂ වශයෙන් අඩු බදු ප්‍රමාණයක් බව සඳහන්.
රජයකට බදු වැදගත් වන්නේ ඇයි?
🔖 මොකද ඒවායෙන් තමා කසළ කළමනාකරණය, වීදි ආලෝකකරණය සහ සමෘද්ධි වැනි සමාජ සුබසාධන ගෙවීම් වැනි පොදු සේවාවන් සඳහා අරමුදල් සපයන්නේ.
🔖 එහෙත්, ශ්‍රී ලංකාවේ රජය නිදහසින් පසු බොහෝ කාලයක් පුරා බදු ලෙස එකතු කළේ වැය කළ මුදලට වඩා අඩු මුදලකි.
🔖 ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීම ලොව පහළම මට්ටමේ බදුකරණයක් වන අතර එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගිය ද දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශක්තියක් ලෙස මට්ටම පහත වැටී ඇත.
ශ්‍රී ලංකා වෙනස් ඇයි?
අයහපත් බදු ප්‍රතිපත්තිය
🔖 බදු අනුපාත සම්බන්ධ අවිධිමත් ප්‍රතිපත්ති වෙනස් කිරිම, බදු අය කිරිමේ ඉහළ සීමාවන් සහ නිර්ලෝභී ලෙස බදු වලින් නිදහස් කිරීම් වැනි හේතුන් මත බදු ආදායම් මට්ටම අඩු වී ඇත.
දුර්වල බදු පරිපාලනය
🔖 බදු එකතු කරන විවිධ සංවිධාන රාශියක් ඇති බැවින් බදු පද්ධතිය ඉතා සංකිර්ණ වීම.
අපි ගෙවන බදු වර්ග
VAT
🔖 එකතු කළ අගය මත අය කරනු ලබන බදු යනු බොහෝ භාණ්ඩ හා සේවා මත පනවා තියෙන අවසාන බද්දයි.
🔖 මෙයින් අදහස් කරන්නේ ඔබ භාණ්ඩයක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම ඔබ වැට් බදු ගෙවන බවයි.
🔖 වැට් බද්ද ප්‍රතිගාමී බද්දක් ලෙස හදුන්වනු ලබන අතර එයට හේතුව බදු ගෙවන්නාගේ ආදායම කුමක් වුවත් සෑම කෙනෙකුටම එකම බද්දක් ගෙවීමට සිදු වන බැවින්.
සුරාබදු බදු
🔖 දුම්කොළ ,මධ්‍යසාර සහ ආනයනය කරනු ලබන මෝටර් වාහන ආනයනය වැනි නිශ්චිත භාණ්ඩ මත පනවන බදු මේ වර්ගයට අයත්.
🔖 රජය 2021 වසරේ සුරාබදු බදු වලින් රුපියල් බිලියන 306ක් පමණ උපයා ඇත.
🔖 එහිදී වැඩිම දායකත්වයක් ලබාදී ඇත්තේ මත්පැන් සහ දුම්කොළයි.
ආනයන බදු
🔖 විශේෂ වෙළද බද්ද සහ වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද (PAL) වැනි ශ්‍රී ලංකා රේගුව විසින් පනවා ඇති ආනයන මත බදු මේ වර්ගයට අයත්.
🔖 එම ආනයනය කරන ලද භාණ්ඩ වල මිල අධික තත්ත්වයට පත්කර පරිභෝජනය අධෛර්යමත් කිරිම මෙම බදු වල අරමුණයි.
https://www.facebook.com/IREXMEND/posts/pfbid02iimrymjQDRDAKv3ythyJ8QtTeq3MbQbbpEmvjEiyikUu1Z8PgfWvXYsVfgp1dHAnl
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |