බදු ආදායම ගැන දැනුම්දීමක්

Sri Lanka Financial crisis Income Tax Department
By Sithumi Jul 17, 2023 10:22 AM GMT
Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බවයි.

නමුත්, 2022 වසරේ මුල් මාස 6 තුළදී එම දෙපාර්තමේන්තුව රැස්කර තිබූ බදු ආදායම සඳහන් වූයේ රුපියල් මිලියන 361,832කි.

 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ අනුව මෙම වසරේ මුල් මාස 6දී බදු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 93%කින් වර්ධනය වී ඇති බවයි.

රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියේ වෙනස සහ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු බව සඳහන් ය.