ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා රජයෙන් සහනයක් - රටඉඳි ගැනත් තීරණයක්.

Sri Lanka Sri Lanka Food Crisis Ministry of Finance Sri Lanka
By krishani May 20, 2023 03:15 AM GMT
krishani

krishani

in ආහාර
Report

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනය කිරීමේ දී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම බදු සහන ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා ලබා දී ඇති බව යි.

ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේ දී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩු වේ.

එය මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනය සිදුකර ඇත්තේ.

මේ අතර, රටඉඳි ආනයනය කිරීමේ දී ලබා දී තිබූ බදු සහනය මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join