බදු ගැන කියන අලුත්ම දේ..

Ranjith Siyambalapitiya Government Of Sri Lanka
By krishani Sep 18, 2022 09:01 AM GMT
Report

වක්‍ර බදු ප්‍රතිශතය අවම කර ඍජු බදු ප්‍රතිශතය ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රධානීන් සමඟ ඊයේ (17) පැවති සාකච්ඡාවකදි ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව අපනයන කෙරෙහි රටක් ලෙස අවධානය යොමු කළ යුතු බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ වනවිට රා අපනයනය තුළින් රුපියල් බිලියන 4.2 ක වාර්ෂික ආදායමක් උපයන අතර එය බිලියන 10 ක් පමණ දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කළ යුතු බවත්  මුදල් වැඩබලන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම හමුවේදී පැවසීය.