ඉදිරියේදී බද්ද වැඩි වෙන හැටි මෙන්න..

Sri Lanka Economic Crisis Financial crisis Economy of Sri Lanka
By Sithumi May 31, 2022 03:30 PM GMT
Report

 එකතු කළ අගය මත බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබේ. කඩිනමින් සහ ආසන්න කාලීනව හඳුන්වා දීමට යෝජිත බදු සංශෝධන පිළිබඳව නිවේදනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ විදුලි සංදේශ බද්ද සියයට හෙට 11.25 සිට 15% දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවයි. 

 ලබන ඔක්තෝම්බර් පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු යෝජනා ලෙස පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන තුනේ සිට රුපියල් මිලියන 1.8 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත. බදු අය කළ හැකි ආදායම මත බදු කාණ්ඩ රුපියල් මිලියන තුනේ සිට රුපියල් මිලියන 1.2 දක්වා අඩු කිරීම සහ එක් එක් බදු කාණ්ඩයට සියයට හතරේ සිට සියය⁣ට 32 දක්වා බදු අනුපාත පැනවීමට ද සේවා නියුක්ති ආදායම මත රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීමට ද යෝජනා කර තිබේ.

රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීම, පොලී හා ලාභාංශ මත රඳවා තබා ගැනීමේ බදු අවසානාත්මක ගෙවීම් ලෙස සැලකීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියන 1.5 ක පොලී අදායම මත සහනය නැවත හඳුන්වා දීමට ද යෝජනා කර ඇත. වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදුකරන මසකට රුපියල් ලක්ෂයක් ඉක්මවන සේවා ගෙවීම් මත රඳවා ගැනීමේ බද්දක් පැනවීම ද එම යෝජනා මාලාවේ ඇතුළත්ය.

සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 24 සිට සියයට 30 දක්වා වැඩි කිරීම සහ සහනදායී බදු අනුපාතය සියයට 14 සිට 15% දක්වා වැඩි කිරීම,එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300 සිට වසරකට රුපියල් මිලියන 120 දක්වා අඩු කිරීම,පදිංචියට යෝග්‍ය සහාධිපත්‍ය තට්ටු නිවාස සඳහා ලබාදෙන ලද එකතු කිරීම මත බදු නිදහස් කිරීම ඉවත් කිරීමටද යෝජනා කර ඇත.

සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 දක්වා වැඩි කිරීමට ද ඔට්ටු ව්‍යාපාර සම්බන්ධයෙන් වාර්ෂික බද්ධ අනු නියෝජිතයකු මගින් සිදුකරන අවස්ථාවකදී රුපියල් මිලියන හතර සිට රුපියල් මිලියන 5 දක්වා ද සජීවී විකාශන පහසුකම් භාවිතා කරමින් සිදුකරන ගෙන යන අවස්ථාවක දී රුපියල් මිලියන 0.6 සිට රුපියල් මිලියන 1 දක්වා ද,සජීවී විකාශන පහසුකම් භාවිතා නොකරමින් සිදුකරගෙන යන අවස්ථාවකදී රුපියල් 50000 සිට රුපියල් 75000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර ඇත.

2023 වසරේ අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇති අතර වාසික සමාගමක් විසින් නිර්වාසික තැනැත්තෙකු වෙත ගෙවනු ලබන ලාභාංශ ආදායම් බද්දට යටත් කරන බව එහි දක්වා තිබේ.