පොලිය මත අය කරන බද්ධක් නිදහස් කෙරේ..මේ අයගේ ගිනුම් වලට විශේෂ වාසියක්..

Central Bank of Sri Lanka Ranil Wickremesinghe Ranjith Siyambalapitiya Sri Lanka Politician Income Tax Department
By Aruna Aug 30, 2023 03:24 AM GMT
Report

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායම් මත අය කරන සියයට 05ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර් 10 වනදායින් පසු ආපසු ගෙවීමට රජය තීරණය කර තිබේ.

ඒ මෙලෙස තීරණය කර ඇත්තේ, මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බවයි සඳහන් වන්නේ.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රඳවා ගැනීමේ බද්ද අය කිරීමේ ඇති සානුකම්පිතභාවය පිළිබඳ මුදල් අමාත්‍ය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කොට මෙම තීරණය ගත් බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (29) කොළඹ කොටුව, කිංස්බරි හෝටලයේ පැවැති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරින්ගේ සංගමයේ 10 වැනි සංවත්සරික මහ සභාව අමතමින්.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැක්වූ අදහස් මෙසේය,

"ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පමණක් නොව වසරකට රුපියල් ලක්ෂ 12කට වඩා පොලී ආදායමක් ලබන අයගෙන් සියයට 5ක රඳවා ගැනීමේ බද්දක් මේ වසරේ (2023) ජනවාරි 01 වැනිදා සිට කියාත්මක කළා.

නමුත් මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ රඳවා ගැනීමේ බද්ද නැවත ආපසු ගෙවන්නැයි ඉල්ලීම් ගණනාවක් ඇවිත් තිබෙනවා.

අපි ඒ පිළිබඳ සානුකම්පිතව සලකා බලා රඳවා ගැනීමේ බද්ද 05%ක් කපා ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ කපා ගත් මුදල ගෙවන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ලබන සැප්තැම්බර් 10 වන දා සිට නැවත ගෙවීමට එකඟතාවයකට පැමිණියා."

මේ අනුව, මසකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබන සැප්තැම්බර් 10 වන දා සිට සහනයක් ලැබෙනු ඇති.