අමෙරිකාවේ පිහිටි ලොව විශාලතම බැටරිය.
🏞️ මේ තියෙන්නේ ඇමෙරිකාවේ Missouri ප්‍රාන්තයේ පිහිටා ඇති Taum Sauk Hydroelectric Power Station ජල විදුලි බලාගාරයක්. මෙම බලාගාරයට ජලය සපයන ජලාශය ස්වභාවික එකක් නෙවෙයි. මෙය කන්දක් උඩ කොන්ක්‍රීට් වලින් කෘතිමව නිපදවපු ටැංකියක් මෙයට ජලය සපයන එකම ස්වභාවික ජල මාර්ගයක්වත් පිහිටා නැහැ.
🌀 මෙම බලාගාරයෙන් නිපදවන විදුලි බල ප්‍රමාණයට වඩා වැඩි විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගෙන නැවත මෙම ජලාශයටම එම ජලය පුරනවා.
🌀 මේක බලාගාර වල නිපදවන විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. සිදුවන්නේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණයට සරිලන ලෙස නිපදවා පද්ධතියට එක් කිරීමයි. නමුත් ඉල්ලුමට සරිලන ලෙස නොකඩවා විදුලිය සැපයීමට නම් සෑම විටම සැපයුම වැඩි කර යුතුයි.
🌀 Peak time යනු අධික විදුලිය පරිභෝජනයක් ඇති වේලාවයි. මේ වේලාවට තාප බලාගාර ක්‍රියාත්මක කර විදුලිය නිපදවිය යුතුයි. මෙය ලාභ දායක නැහැ. Off Peak time යනු එතරම් විදුලිය පරිභෝජනය නොකරන වේලාවක්. මේ වේලාවට අක්‍රිය කල නොහැකි සුර්ය, සුළං, ජල වැනි බලාගාර විදුලිය බොහොමයක් අපතේ යනවා ඒවා ගබඩා කර ගත නොහැකි නිසා.
🌀 Peak time එකේදී ඉහත බලාගාරයේ ජලය භාවිතා කර ඊට පහලින් ඇති බලාගාරයේ ජල විදුලි ටර්බයින කරකවා විදුලිය නිපදවා පද්ධතියට එක් කරනවා. ඉවත් වන ජලය බලාගාරය ආසන්නයේ ටැංකියකට එකතු වෙනවා. මේ නිසා තාප බලාගාර භාවිතය අවම වෙනවා.
🌀 Off Peak time එකේදී පද්ධතියෙන් අපතේ යන විදුලිය උපයෝගී කරගෙන මෝටර් ආධාරයෙන් පහල ටැංකියේ ඇති ජලය නැවත ඉහල ටැංකියට පුරවනවා.
🌀 ඒ නිසා සැබවින්ම සිදුවන්නේ අපතේ යන විදුලිය භාවිතා කර මෙම විශාල ජල ටැංකිය පුරවා නැවත ඉල්ලුම වැඩි විට එම ජලයෙන්ම නැවත විදුලිය නිපදවීමයි. මේ නිසා තාප බලාගාර වලින් විදුලිය නිපදවන අධික වියදම ඉතිරි වෙනවා. එම නිසා මෙම බලාගාරයේ නිපදවන විදුලිය සැබෑ ජල විදුලි බලාගාරයකටත් වඩා වටිනවා. ඒ නිසාම Taum Sauk "ලොව සතුව ඇති විශාලතම බැටරිය" ලෙස එය හඳුන්වනවා.
🌀 ඉහළ ජලාශයට U.S. ගැලුම් බිලියන 1.5ක් (අක්කර අඩි 4,600; ඝන මීටර් මිලියන 5.7) අඩි 100ක් (මීටර් 30) පමණ උස තාප්පයක් පිටුපස ජලය රඳවා ගත හැකියි. එය හූවර් වේල්ලට වඩා විශාල හිසක් ලබා දෙන මෙගාවොට් 450 ජල විදුලි බලාගාරයට අඩි 760 (මීටර් 230) ඉහළින් පිහිටා ඇති අතර කන්ද හරහා සිදුරු කරන ලද අඩි 7,000 (මීටර් 2,100) උමං මාර්ගයකින් දෙක සම්බන්ධ වෙනවා.
- උපුටා ගැනීමකි -
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |