ඉන්දීය ටාටා කාර් පෙල ලංකාවේ - අඩුම මිල ලක්‍ෂ 87යි!
ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Tata Motors, ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම සමඟ එක්ව සිය නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා.
DIMO සමාගම වසර 85කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා ලෙස පිළිගැනෙනවා.
මෙහිදී Tata Motors හි ඉතා සාර්ථක SUV කාණ්ඩයට අයත් පෙට්‍රොල් රථ වන Tata Punch, Tata Nexon සහ Tata Curvv හඳුන්වා දී ඇති අතර, ඒ සමඟම ජනප්‍රිය විද්‍යුත් hatchback රථය වන Tiago.ev ඇතුළු Punch.ev, Nexon.ev සහ Curvv.ev යන විද්‍යුත් රථ පෙළ ද ශ්‍රී ලාංකික වෙළඳපොළට එක් කර තිබෙනවා.
නවීන තාක්‍ෂණයෙන්, අලංකාර සැලසුම්වලින් සහ ඉහළ ආරක්ෂණ ප්‍රමිතීන්ගෙන් යුත් මෙම පෙට්‍රොල් සහ විද්‍යුත් රථ පෙළ, දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ ප්‍රවණතා පිළිබිඹු කරන සුවිශේෂී උදාහරණයක් ලෙස හැඳින්විය හැකිය.
මේ පිළිබඳව Tata Passenger Electric Mobility Ltd හි ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී යෂ් ඛන්ඩෙල්වාල් මහතා මෙලෙස අදහස් පළ කළා;
“ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. Tata Motors වසර ගණනාවක් තිස්සේ විශාල පරිවර්තනයන්ට ලක් වුණු සමාගමක්. මෙම නවතම රථ පෙළ හඳුන්වාදීම අපගේ නැවත ආගමනය සනිටුහන් කරනවා. ශ්‍රී ලංකා වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීමට අමතරව, අලංකාර සැලසුම්, නවීන තාක්‍ෂණය, ඉහළ ආරක්ෂාව සහ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව ඇතුළු නව ප්‍රමිතීන් හඳුන්වා දීමටත් අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම Tiago.ev විද්‍යුත් hatchback රථය හඳුන්වාදීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙම රථ ඉන්දියාවේ, නේපාලයේ සහ භූතානයේ දැනටමත් විශාල ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා. අපගේ දිගුකාලීන හවුල්කරු වන DIMO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ගමනාගමනය නව මට්ටමකට ඔසවා තැබීමට අපට හැකියාව තිබෙන බව අපි විශ්වාස කරනවා. සෑම පාරිභෝගිකයෙකුටම අසමසම රිය පැදවීමේ අත්දැකීමක් ලබාදීම අපගේ අපේක්ෂාවයි.”
මේ අතර DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසුවා;
“නවතම Tata මගී රථ පෙළ මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් රැගෙන එනවා. නවීනත්වයෙන් සහ ආරක්ෂාවෙන් යුත් මෙම නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා ගත හැකි වීම විශේෂත්වයක්. මෝටර් රථ ආනයනයට ශ්‍රී ලංකාව නැවත විවෘත වූ පසු හඳුන්වා දුන් පළමු රථ පෙළ ලෙස මෙය සැලකිය හැකිය. DIMO හි විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අසමසම අත්දැකීමක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. Tata Motors සමඟ ඇති දිගුකාලීන හවුල්කාරිත්වය තුළින් අපි සෑම විටම පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා.”
Tata Motors හි පෙට්‍රොල් රථ සඳහා වසර තුනක නිෂ්පාදක වගකීමක් ලබා දෙන අතර, විද්‍යුත් රථ සඳහා වසර තුනක වගකීමක් සහ වසර අටක අධි වෝල්ටීයතා බැටරි වගකීමක් ලැබෙනවා. එසේම, පාරිභෝගිකයන්ට 24/7 නොමිලේ මාර්ගගත සහය, Tata පුහුණු වෘත්තිකයන්ගෙන් ලබාදෙන විශේෂඥ තාක්‍ෂණික සහය ඇතුළු පහසු සහ විශිෂ්ට සේවාවක් සහතික කරනවා.
DIMO විසින් Tata Motors හි නිර්දේශිත මෘදුකාංග යාවත්කාලීන කිරීම්, මෙවලම් සහ උපකරණ සඳහා ආයෝජනය කර ඇති අතර, එමඟින් සියලුම අලුත්වැඩියා කටයුතු ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව සිදු වන බව තහවුරු කරනවා. එසේම, Tata Motors හි අලුත්වැඩියා කිරීමේ අත්පොත, ක්‍රියාවලි සහ පද්ධති සඳහා පාරිභෝගිකයන්ට සුවිශේෂී ප්‍රවේශයක් ලබා දෙනවා.
මෙම නව රථ පෙළ සමඟින් Tata Motors සහ DIMO, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබනවා. නවීන රථ, උසස් තාක්‍ෂණය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ඔස්සේ රට තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීමට ඔවුන් සමත් වනවා. රුපියල් මිලියන 8.7ක මිලක සිට ආරම්භ වන මෙම මගී රථ පෙළ DIMO ශාඛා ජාලය හරහා ලබා ගත හැකියි.
මෙම නිෂ්පාදන ගැන වැඩි විස්තර දැන ගැනීමට පාරිභෝගිකයන්ට cars.tatamotors.lk වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව තිබෙනවා.
