තියුණු සටනකින් පසුව අද මැච් එකේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE)

Cricket Sri Lanka Cricket Afghanistan Sports Latest Headlines
By krishani Feb 14, 2024 01:05 PM GMT
Report

UPDATE:- 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය අද (14) පැවැත්විණ.

තියුණු සටනකින් පසුව අද මැච් එකේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE) | Target Of 267 Runs For Sri Lanka From Afghanistan

එහිදී කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහීඩි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව ඔවුන් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 266ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය.

තියුණු සටනකින් පසුව අද මැච් එකේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE) | Target Of 267 Runs For Sri Lanka From Afghanistan

පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්‍රනාන්දු විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තේ ය.

අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 91කට අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර පැතුම් නිස්සංක ශතකයක් සමඟ ලකුණු 118ක් වාර්තා කළේ ය.

එය හතරේ පහර 16කින් සහ හයේ පහර 02කින් අලංකාර විය.

කුසල් මෙන්ඩිස් හයේ පහර 04ක් සමඟ වේගවත් ලකුණු 40ක් රැස් කළ අතර ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 03ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

-------------------------------------------------

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය..

අද (14) ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පල්ලෙකැලේ පැවැත්වෙන 03 වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දිනා ගත්තේ ය.

තියුණු සටනකින් පසුව අද මැච් එකේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE) | Target Of 267 Runs For Sri Lanka From Afghanistan

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කරනු ලැබුවේ ය.

එහිදී එම කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 02 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 266ක් ‍රැස් කරගැනීමට සමත් විය.

පන්දුවට පහරදීමේ දී Rahmat Shah පන්දු 77කට ලකුණු 65ක්ද, Azmatullah Omarzai පන්දු 59කට ලකුණු 54ක්ද, Rahmanullah Gurbaz පන්දු 57කට ලකුණු 48ක්ද, Ikram Alikhil පන්දු 38කදී ලකුණු 32ක්ද, Ibrahim Zadran ලකුණු 13ක්ද, නායක Hashmatullah Shahidi ලකුණු 05ක්ද, ලබා ගනු ලැබීය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ Pramod Madushan කඩුළු 03ක්ද, Akila Dananjaya, Asitha Fernando සහ Dunith Wellalage කඩුළු 02ක බැගින්ද දවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 267ක ඉලක්කයක් හිමි ය.

GalleryGalleryGalleryGalleryGallery