ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ බංග්ලාදේශ් නායකයා ගත් අලුත්ම තීරණය..! ක්‍රිකට් ලෝලීන් උද්ඝෝෂණ වල..
බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්,ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් හදිසියේ සමුගැනීමට තීරණය කළ ද එම තීරණය වෙනස් කිරීමට ඊයේ (07) තීරණය කර ඇත.
එනම්, ඒ බංග්ලදේශ අගමැතිනී ෂික් හසීනාගේ ඉල්ලීමකට ගරු කරමිනි.
බංග්ලාදේශ කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පසුගිය 05 වන දා තීරණය කර තිබිණි.
ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවති පළමු එක්දින තරගය බංග්ලාදේශය ලකුණු 17කින් පරාජයට පත්ව තිබූ පසුබිමකයි, ඔහු මෙම හදිසි තීරණය ගෙන තිබුණේ.
තමීම් ඉක්බාල් වසර 16ක් බංග්ලාදේශය නියෝජනය කළ ක්‍රීඩකයකු වන අතර ඔහු මේ බව ප්‍රකාශ කළේ, ලෝක කුසලාන තරගාවලියට තවත් මාස 3ක් තිබියදීයි.
සිය සමුගැනීම මාධ්‍යයට ප්‍රකාශ කිරීමේදී තමීම් ඉක්බාල් සංවේදී වන ආකාරයක් ද දක්නට ලැබුණි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් හදිසියේ සමුගැනීමට තීරණය කළ තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට ඊයේ තීරණය කළේ ය.
බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනාගේ ඉල්ලීමක් මත තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමේ තීරණය ඉවත්කර ගත් බවයි, විදේශ මාධ්‍ය වාර්තා කළේ.
තමීම්ට යළී ක්‍රිකට් පිටියට පිවිසෙන්නැයි ලෙස ඉල්ලා එරට ක්‍රීඩාලෝලීන් ද ඊයේ උද්ඝෝෂණවල නිරත විය.