T20 ලෝක කුසලාන අවසන් මහා තරගයට අද වෙන්න යන දේ මෙන්න..

England Cricket Team T20 World Cup 2022 Crude Oil Prices Today Zimbabwe national cricket team
By Aruna Nov 13, 2022 12:48 AM GMT
Report

පාකිස්තානය සහ එංගලන්තය අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වන 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගට වැස්ස බලපෑමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු කාලගුණික වාර්තාවල දැක්වෙන්නේ අවසන් තරගය පැවැත්වෙන අද දිනයේ මෙල්බර්න් නුවරට වැසි ඇතිවීමේ සම්භාවිතාව 100% ප්‍රතිශතයක පවතින බවය.

අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පසුදින එනම් සඳුදා අතිරේක දිනයක් ලෙස නම් කර ඇත.

එදිනද වර්ෂාව ඇතිවීමේ සම්භාවිතාව ඉහළ ප්‍රතිශතකයක පවතී.එදිනට ලබාදෙන අමතර කාලය පැය 4 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

අවසන් තරගයේදී අවම වශයෙක් කණ්ඩායම් දෙකම පන්දුවාර 10 බැගින් ක්‍රීඩා කළ යුතු අතර අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී අතරමඟ නතර කළහොත් එතැන් සිට පසුදින තරගය ආරම්භ කිරීමට නියමිතය.

අතිරේක දිනයේද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එංගලන්තය සහ පාකිස්තානය T 20 ලෝක කුසලානයේ සම ශූරයින් ලෙස නම් කරනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now