ශ්‍රී ලංකාවේ අවසන් ඉරණම තීරණය කරන්නෙ අදයි..මුලු රටම අවධානයෙන්..

Sri Lanka Cricket T20 World Cup 2022
By Aruna Nov 04, 2022 02:12 AM GMT
Report

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තවත් තරග දෙකක් අද (04) පැවැත්වෙනවා.

අද දිනයේ පළමු තරගය ලෙස අයර්ලන්තය හා නවසීලන්ත තරගය මෙරට වේලාවෙන් උදෑසන 9:30 ට ආරම්භවීමට නියමිත ඇත.

ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථාන තරගය මෙරට වේලාවෙන් දහවල් 1:30 ට ආරම්භවීමට නියමිතයි.

අද පැවැත්වෙන මෙම තරග දෙකින් එකක් හෝ ශ්‍රී ලංකාවට වාසි සහගත නිමාවක් දැකීම මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ එකම බලාපොරොත්තුව වී තිබෙනවා.

ඒ අනුව අද පැවැත් වෙන තරග දෙකෙන් ඇෆ්ගනිස්ථානය හෝ නෙදර්ලන්තය ජයගත හොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

නමුත් ඒ සඳහා හෙට ශ්‍රී ලංකාව, එංගලන්තය එරෙහි තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now