අපරාජිතම කණ්ඩායම් දෙක අතරින් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජය කාටද..?

Cricket Sri Lanka Cricket Indian Cricket Team Cricket Record T20 World Cup 2024
By Sithumini Jun 29, 2024 05:06 AM GMT
Report


2024 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 8ට බබර්ඩෝශිදි පැවැත්වීමට නියමිතයි.

ඒ අපරාජිත ඉන්දියාව සහ අපරාජිත දකුණු අප්‍රිකාව අතරයි. මූලික වටයේ ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාජිතව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූවා.

එමෙන්ම ඩී කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු අප්‍රිකාව ද අපරාජිතව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබු අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලද ප්‍රථම අවස්ථාව මෙයයි.

ඒ අනුව අද පැවැත්වෙන තරගය අපරාජිත කණ්ඩායම් දෙකක් අතර සිදුවන තියුණුම තරගයක් බවට පත්වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.