ඔබට තයිරොයිඩ් ගැටළු ඇති බව අඟවන රෝග ලක්ෂණ.

By Wayomi Jul 17, 2022 07:25 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ අහලා ඇති. මෙය බෙල්ලේ මධ්‍යයේ පිහිටා ඇති සමනල හැඩැති ග්‍රන්ථියක්. එය තයිරොයිඩ් හෝමෝන නිපදවනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය සාපේක්ෂව කුඩා වුවද, එය පරිවෘත්තීය ප්‍රධාන ග්‍රන්ථිය ලෙස සලකනු ලබන අතර හදවත, මොළය, අක්මාව, වකුගඩු සහ සම ඇතුළු බොහෝ වැදගත් අවයවවල ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය නිරෝගීව බව ඔබේ සමස්ත සෞඛ්‍ය තත්වයට බලපානවා.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති විය හැකි ගැටළු

🟡 අධිතයිරොයිඩතාව (hyperthyroidism),

🟡 මන්දතයිරොයිඩතාව (hypothyroidism),

🟡 ගලගණ්ඩය ,

🟡 තයිරොයිඩ් ගැටිති,

🟡 තයිරොයිඩයිටිස් (තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහය)

🟡 තයිරොයිඩ් පිළිකා ආදී

🟡 මේ අතරින් තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය (මන්දතයිරොයිඩතාව) සහ තයිරොයිඩ් ග්‍රන්ථි අධි ක්‍රියාකාරීත්වය (අධිතයිරොයිඩතාව) බහුලව දක්නට ලැබෙන අතර ශරීරයේ බොහෝ හෝමෝන, චිත්තවේගීය හා ශාරීරික වෙනස්කම් ඇති කළ හැකියි. 

තයිරොයිඩ් ගැටලු ඕනෑම පුද්ගලයින් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. ඒත් මේ තත්වය බොහෝ විට ඇති වන්නේ ගැටලු හා සම්බන්ධ පූර්ව රෝග ලක්ෂණ වැරදි ලෙස හඳුනාගැනීම හෝ සරලව නොසලකා හැර සිටීම නිසයි. සමහරුන්ට මෙම රෝග ලක්ෂණ තිබ්බත් ඔවුන් ගණන් ගන්නේ නැහැ. ඔවුන් සිතන්නේ නැහැ ඔවුන්ට තියෙන්නේ තයිරොයිඩ් ගැටලුවක් බව. 

ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය පරීක්ෂා කරගැනීම සහ ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමුවන්න. අත් බෙහෙත් කරන්න යන්න එපා.


ඔබට තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවක් ඇති බව පෙන්නුම් ලක්ෂණ

🟡 තෙහෙට්ටුව, වෙහෙස, තෙහෙට්ටුව දැනීම සහ දිවා කාලයේදී ශක්තියක් නොමැතිකම

🟡 හිතාගන්නවත් බැරි විදිහට සිරුරේ බර වැඩිවීම සහ බර අඩු වීම

🟡 මානසික අවපීඩනය (විශාදය) සහ කාංසාව

🟡 ඔසප් වීමේ රටාවේ ඕනෑම වෙනසක් හෝ අක්‍රමවත් ඔසප්වීම.

🟡 හදිසියේ හිසකෙස් හැලීයාම

🟡 අධික සීතලක් හෝ උණුසුම් බවක් දැනීම

🟡 ගොරෝසු කටහඬ සහ බෙල්ලේ අපහසුතාව

🟡 මලබද්ධය, පාචනය හෝ උග්‍ර උද්දීප්‍ය ආන්ත්‍රික සින්ඩ්‍රෝමය (Irritable Bowel Syndrome ) වැනි ආහාර ජීර්ණ ගැටළු.

🟡 සමේ අධික වියළිබව

🟡 මාංශ පේශි සහ සන්ධි වේදනාව

🟡අවධානය යොමු කිරීමේ හෝ මතක තබා ගැනීමේ ගැටළු 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW