නව දිල්ලියට මහ සෙනගක් නොකැඩී ගලාගෙන එයි - මෝදී එහෙ දැන් මොකක්ද කරන්න යන්නේ?. සජීවී දර්ශන මෙන්න.(LIVE VIDEO)

Prime minister Narendra Modi India Latest Headlines Decision Making
By krishani Jun 09, 2024 01:42 PM GMT
Report

නරේන්ද්‍ර මෝදි පිට පිට තුන් වැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීය.

නව දිල්ලියට මහ සෙනගක් නොකැඩී ගලාගෙන එයි - මෝදී එහෙ දැන් මොකක්ද කරන්න යන්නේ?. සජීවී දර්ශන මෙන්න.(LIVE VIDEO) | Swearing In Of Narendra Modi 09Th June 2024

මේ වන විට ඒ මහතාගේ දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවර දී පැවැත් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කලාපීය රාජ්‍ය නායකයින් පිරිසක් ද පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වී සිටි.

ඉන්දීය මහා මැතිවරණය අප්‍රේල් මස 19 වැනිදා සිට ජූනි මස පළමුවැනිදා දක්වා අදියර 7කින් ක්‍රියාත්මක විය.

ඒ අනුව එහි නිල ප්‍රතිඵල නිකුත් වුණේ පසුගිය ජූනි හතර වැනිදා වන අතර මිලියන 642ක පිරිසක් ඡන්දය භාවිත කළේ ය.

මෙම මැතිවරණය ජය ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමත්විය.

ඒ ලෝක් සභාව එනම් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543න් 293ක් තමන් සතු කරගනිමින් ය.

මෙම ජයග්‍රහණය අතිශය සුවිශේෂී වන්නේ ඉන්දීය ඉතිහාසයේ තෙවරක් අගමැති ධුරය දැරීමට ජනවරමක් දිනූ දෙවැනි අග්‍රාමාත්‍යවරයා බවට මෝදි පත්වීම හේතුවෙන් ය.

මීට පෙර තෙවරක් අඛණ්ඩව ඉන්දීය අගමැති ධුරය දරා ඇත්තේ, නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා වන ජවහර්ලාල් නේරු ය.

කෙසේ වෙතත්, ඒ මහතා අගමැති ධුරයේ තුන්වැනි වරටත් දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවර අද පැවැත්වෙන්නේ කලාපීය රටවල් රැසක රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් නවදහසකගේ සහභාගිත්වයෙන් වේ.

එහි සජීවී විකාශය පහතින් නරඹන්න,


.