සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂිකාවක් අතවර කළැයි නිරීක්ෂකවරයාට සහ මුනිවත රැකි ශාලාධිපතිවරයාට සිදුවුණ දේ..

Sri Lanka Police
By krishani Jun 01, 2022 05:13 AM GMT
Report

අනුරාධපුරය - හිදෝගම, කලුවිල සේන විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂිකාවකට විභාග ශාලා නිරීක්ෂකවරයෙක් විසින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු කියා දෙන මුවාවෙන් අපයෝජනය කිරීමකට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් චූදිත විභාග ශාලා නිරීක්ෂකවරයාගේ සේවය අත්හිටු වීමට කටයුතු කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.

අදාළ සිද්ධිය වසන් කිරීමට උත්සහ කිරීමේ වරදට ඒ මොහොතේ විභාග ශාලාවේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ තැනැත්තාට ද එරෙහිව විමර්ෂණයක් ආරම්භ කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් විභාග කොමසාරිස්ට දන්වා ඇති බව ඊයේ(31) අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දක්වා තිබුණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join