සුසිල්ගේ වැඩ බලන්න අද සිට තවත් ඇමති කෙනෙක්
Ministry of Education
A D Susil Premajayantha
Bandula Gunawardane
By Sewvandhi
වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හට හිමි වී තිබෙනවා.
ඒ මේ වනවිට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත් ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට රුසියාව සමග සාකච්ඡා කිරීම සඳහා විදෙස්ගත වීම හේතුවෙන්.
ඒ අනුව බන්දුල ගුණවර්ධන අද (27) දහවල් සිය නව ධුරයේ දිවුරුම් දුන්නා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදියි. ආචාර්ය බන්දුල ගුණවර්ධන යනු 2005 -2010 තෙක් මෙරට සිටි අධ්‍යාපන අමාත්‍යවරයායි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |