දීමනාවක් ඉහළ දැමීමට තීරණයක්.

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Politician Sri Lanka Education
By krishani Aug 28, 2023 05:47 PM GMT
Report

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දෛනික දීමනාව ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් මේ වන විට ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

ඒ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු කඩිනමින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඒ මහතා කියා සිටියේ ය.

ප්‍රදේශ කිහිපයක විභාග මධ්‍යස්ථාන අසළ සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතුවල නිරත වූ ගුරුවරුන් පිරිසක් විරෝධතාවයක නිරත විය.

ඒ මේ වන විට ලබාදෙන රුපියල් 1,450ක දෛනික දීමනාව ප්‍රමාණවත් නොමැති බව පවසමින් ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ගුරු සංගම් කරන ලද ඉල්ලීම් සලකා බලා උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ලබාදෙන දෛනික දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.