ඉන්ධන ගැටලුවක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

A D Susil Premajayantha Sri Lanka
By krishani Jun 19, 2022 08:22 AM GMT
Report

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල සේවයේ නියුතු ගුරුවරුන්ට ලබාදී ඇති බලපත්‍රවලට ඉන්ධන ලබාදීමේදී ප්‍රදේශ රැසක ගැටලුකාරි තත්ත්වයන් මතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි විභාග කොමසාරිස් ජනරාල්වරයා ද කියා සිටියේ ඉන්ධන ගැටලුව නිසා විභාග මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමීමට සිදුව ඇති බවයි.

උත්තරපත්‍ර ඇගයීම් කරන ගුරුවරුන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join