සුශාන්ත් සිං ගේ "DHONI " යළි තිරගත වෙයි.

MS Dhoni Bollywood Sushant Singh Rajput
By Madheeha_Naz May 10, 2023 11:53 AM GMT
Madheeha_Naz

Madheeha_Naz

in සිනමාව
Report

මුළු ලොවක්ම ආදරය කරන ඒවගේම ආදරය කරපු බොලිවූඩ් තරුවක් තමයි සුශාන්ත් සිං රාජ්පුත් කියන්නේ ,ඉතින් මේ කලාකරුවා 2020 වසරේ ජූනි මාසයේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු දුන්නා .මුලදී නම් හැමෝම කිව්වේ සුශාන්ත් suicide කරගත්තා කියලා ,හැබැයි ඊටපස්සේ සුශාන්ත් ගේ මරණය ඝාතනයක් කියලත් ඔප්පු වුණා.

සුශාන්ත් කියන්නේ හරිම නිහතමානි චරිතයක් ඒවගේම සුශාන්ත් එක පාරට බොලිවූඩ් වලට ආපු කෙනෙක් නම් නෙවෙයි ඉස්සෙල්ලාම පුංචි තිරයේ රඟපාලා ඊටපස්සේ බොලිවූඩ් වලට ආපු කෙනෙක් තමයි සුශාන්ත්,මෙයා නම් කිව්වේ Acting කියන එක මෙයාගේ passion කියලා .

සුශාන්ත් මුලදී බොලිවූඩ් වලට ආපු අලුත රඟපාපු ෆිල්ම්ස් නම් වැඩිය famous වුණේ නැහැ. ඒ වුනත් සුශාන්ත් ගේ සිනමා ජීවිතය කණපිට පෙරලපු film එකක් විදිහට 2016 තිරගත වුණු "MS DHONI THE UNTOLD STORY" චිත්‍රපටය කියන්න පුළුවන්.මේ ෆිල්ම් එක සුපිරි ක්‍රිකට් ක්‍රීඩක dhoni ගේ ජීවිත කතාව base කරගෙන තමයි නිර්මාණය වුණේ, ඒවගේම මේ ෆිල්ම් එකේ සුශාන්ත් ගේ හැඩරුව dhoni ගේ හැඩරුවට හුගාක් සමානව තිබ්බ වගේම සුශාන්ත් dhoni වගේ ක්‍රිකට් සෙල්ලම් කරන්නත් හුගාක් මහන්සි වෙලා පුරුදු වුණා කියල එක මාධ්‍ය හමුවක dhoni කියලා තිබ්බා. 

මේ ෆිල්ම් එකෙන් පස්සේ සුශාන්ත් රඟපාපු ෆිල්ම්ස් ඔක්කොම වගේ සුපිරි hit එකක් දුන්නා. ඒ විතරක් නෙවෙයි සුශාන්ත් තිරගත නොවුණු හුගාක් ෆිල්ම්ස් වල රඟපාලත් තිබ්බා.ඒ වුනත් බොලිවූඩ් වල තිබ්බ සමහර බලපෑම් නිසා ඒවා තිරගත වුණේ නැහැ.ඉතින් මේ හේතුවත් එක්ක සුශාන්ත් depression වලට යන්න පටන් ගත්තා.  

මෙහෙම ඉඳලා 2020 ජූනි වල සුශාන්ත් තමන් හිටපු නිවසේ සියදිවි හානි කරගත්තා කියලා news එකක් ආවා .ඒකනම් සුශාන්ත් ගේ රසික රසිකාවියන් ට දරාගන්න බැරි news එකක් වුණා . සුශාන්ත් ගේ රසිකයින් නම් කිව්වේ සුශාන්ත් කවදාවත් එහෙම මෝඩ තීරණයක් ගන්නේ නැහැ කියලා . සුශාන්ත් ගේ මරණය බොලිවූඩ් වලට ලොකු බලපෑමකුත් එල්ල කළා. 

කොහොම නමුත් රසිකයන්ගේ හිත වල සදා අමරණීය වෙලා ඉන්න සුශාන්ත් තාමත් ලෝකයේ කතාබහට ලක්වෙමින් තමයි ඉන්නේ .ඉතින් මෙන්න මෙහෙම ඉන්න අතරතුරේ සුශාන්ත් ගේ ජීවිතයට එළියක් ගෙනාපු "MS DHONI THE UNTOLD STORY"ෆිල්ම් එක ඉන්දීය චිත්‍රපට ශාලා වල re-release කරන්නයි ඉන්නේ.මේ news එක ඉන්දීය රසිකයින් පුදුමයට පත් කරපු news එකක් වගේම සතුටට පත් කරපු එකක් .ඉතින් මේ "MS DHONI THE UNTOLD STORY" ෆිල්ම් එක එළඹෙන 12 වෙනිදා දමිල, හින්දි ,තෙළිගු කියන භාෂා තුනෙන්ම තිරගත කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW