සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට හේතුව මෙන්න...
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක සුරංග ලක්මාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ 2022 වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය නිමවීමෙන් පසු සියලු ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි.
34 හැවිරිදි ලක්මාල් මේ දක්වා ටෙස්ට් තරග 68ක් එක්දින තරග 86ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
එහිදී ඔහු ටෙස්ට් කඩුලු 168ක් ලබාගෙන ඇත.
ලක්මාල් සිය මංගල ටෙස්ට් තරගය සඳහා එක්වූයේ 2010 වසරේදීය.
ඒ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.
ලක්මාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ ලිපියේ සඳහන් කර තිබුනේ, "මගේ වෘත්තීය ජීවිතය හැඩගැස්වූ සහ මගේ පෞද්ගලික වර්ධනයට දායක වූ මණ්ඩලය සමඟ සම්බන්ධ වීමට ලැබීම අතිශයින් සතුටට කරුණක් බැවින් මට මෙම විස්මිත අවස්ථාව ලබා දීම සහ මගේ මාතෘ භූමියේ ගෞරවය නැවත ගෙන ඒමට මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන මම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ණයගැතියි.
මගේ සියලුම ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, කණ්ඩායම් කළමනාකරුවන්, සහායක කාර්ය මණ්ඩලය, පරිපාලන කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලුම සහායක කාර්ය මණ්ඩලයට මම උපරිම ගෞරවය දෙනවා හැර අන් කිසිවක් නැත ,” ලක්මාල් පවසා තිබේ.
සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් සියලුම ජාත්‍යන්තර ආකෘතීන් හරහා ක්‍රීඩා කළේ ජාතික කණ්ඩායමේ උන්නතිය සඳහා වටිනා දායකත්වයක් ලබා දෙමිනි.
2009 වසරේ සිට 2022 වසර දක්වා වූ කාල සීමාව ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් උරදුන් සුරංග ලක්මාල්ගේ තීරණය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, සදහන් කලේ “ඔහුගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා කියලා මා මේ අවස්ථාවේදී ඔහුට සුභ පැතුම් එක්කර සිටිනවා.
ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා තේරීම් කමිටුව විසින් ඔහුට අවස්ථාවක් ලබා දුනහොත්, හොඳින් දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා ” " මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබා දුන් ලක්මාල්, ඔහුගේ තරග දිවියේදී අමතක නොවන පන්දු යැවීමක නිරත වූ බවද සඳහන් කර සිටින ප්‍රධාන විධායක නිලධාරීවරයා එය මෙරට ක්‍රිකට් සමඟ සදා අමරණීය මතකයක් එක් කරනු ඇත" බවද සඳහන් කර සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |