වහාම ක්‍රියාත්මක පරිදි සුපෝෂ, නැණපෝෂ, ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි..අධික විෂ කාරක හේතුවෙන් වහාම වෙළඳපොලෙන් ඉවත් කරන්නැයි දැනුම්දෙයි..!

Cancer Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Nov 11, 2022 11:35 AM GMT
Report

ඇල්ෆටොක්සීන් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් සුපෝෂ, ලක්පෝෂ හා නැණපෝෂ යන අතිරේක ධාන්‍ය ආහාරමය නිෂ්පාදන මාතර අධිකරණ බල සීමාව තුල විකිනීම හා බෙදා හැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී.කේ.පරණ ලියනගේ මහතා පෙරේදා (09)තහනම් නියෝගයක් නිකුත් කළා.

සුපෝෂ නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම්වලට එරෙහිව එම තහනම් නියෝගය නිකුත් කර තිබුණා.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 98(1)ආ වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 104 වගන්තිය ප්‍රකාරව අදාල නිෂ්පාදනය මාතර අධිකරණ බල සීමාව තුල විකිනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ද දැනට වෙලදපොලේ පවතින එම නිෂ්පාදනවල තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කළා.

තවද එම නිෂ්පාදන වෙළදසල්වලට නිකුත් කිරීම තහනම් කරමින් ඉන්ජන්ෂන් ආඥාවක් ද නිකුත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now