රජිනිකාන්ත්ගේ ‘Coolie’ එළියටත් කලින් $2M පනී! [VIDEO]

Rajinikanth Tamil Movie Review Latest Headlines Coolie Sinhala news
By Shehan Aug 13, 2025 11:58 AM GMT
Report

සුපිරි නළු රජිනිකාන්ත් සහ අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ්ගේ එකතුවෙන් නිර්මාණය වූ ‘Coolie’ චිත්‍රපටය, තිරගත වීමටත් පෙර උතුරු අමෙරිකාවේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ඩොලර් මිලියන 2 (රුපියල් කෝටි 16.8 පමණ) ඉක්මවා ආදායම් ලබමින්, එම ආදායම් සීමාව ඉක්මවූ පළමු දෙමළ චිත්‍රපටය බවට වාර්තාවක් පිහිටුවා ඇත.

හෙට (14) සිට ලොව පුරා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය, රජිනිකාන්ත් සහ ලෝකේෂ් කනගරාජ්ගේ පළමු සිනමා සහයෝගීතාවය වන අතර, ආමිර් ඛාන්, නාගාර්ජුන, සෝබින් ෂහීර්, උපේන්ද්‍ර, ශ්‍රුති හසන් සහ සත්‍යරාජ් යන  ජනප්‍රිය නළු නිළියන් රැසකගේ රංගනයෙන් හැඩවනවා. 

මෙම චිත්‍රපටය උතුරු අමෙරිකාවේ ප්‍රථම දර්ශනය සඳහා පමණක් ඩොලර් මිලියන 1.86 (රුපියල් කෝටි 15.6 පමණ) ආදායමක් උපයා ඇති අතර, 2016දී රජිනිකාන්ත්ගේ ‘Kabali’ චිත්‍රපටය විසින් පිහිටුවන ලද ඩොලර් මිලියන 1.92ක වාර්තාව බිඳ හෙලීමට ආසන්නව තිබේ.

මෙම චිත්‍රපටයේ තිරගතවීමත් සමඟ දෙමළ සිනමාවේ නව බලාපොරොත්තු ඇති කරමින්, රජිනිකාන්ත්ගේ ගෝලීය ජනප්‍රියත්වය සහ ලෝකේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණ ශෛලිය තවදුරටත් ඉස්මතු කර ඇත.