පස් යාලෙදි කෝටි 5 ක ජීප් රථයට උණු අපරාදය
Jeep
pasyala
By Sithumi
පස්යාල මංසන්ධිය ආසන්නයේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි නිවසක නතර කර තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි ජිප් රථයක් අද අලුයම කිසියම් පිරිසක් සොරාගෙන තිබෙනවා.
නිට්ටඹුව ප්‍රදේශයේ වාහන අලෙවිසැල් හිමිකරුවෙකුට අයත් ජිප් රථයකුයි මෙලෙස සොරා ගෙන ඇත්තේ. අලුයම 3 ට පමණ කිසියම් පිරිසක් විසින් අදාළ ජිප් රථය නතර කර තිබූ නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබෙනවා
. නිවසෙහි සවි කර තිබූ සී.සී.ටී.වී දර්ශනවලට අනුව අනාවරණ කරගෙන ඇත්තේ ජිප් රථය එම පිරිස් විසින් කොළඹ දෙසට පදවාගෙන ගොස් ඇති බවටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |