අලුත් කලාවක්..🎼..හොයා ගත්ත මං..🎵 ..

Facebook World Artificial Intelligence Technology
By Piyumika Jun 04, 2024 10:30 AM GMT
Piyumika

Piyumika

in රචනා
Report

ඔයාට පාඩම් වැඩ ගොඩ ගැහිලද,පාඩම් කරන්න හිතෙන්නෙ නැද්ද නිතරම් කම්මැලි කමේ ඔහේ ඉන්නමද හිත.

එහෙමත් නැත්තන් පොතක් අතට ගත්ත ගමන් නිදිමතයි වගෙද? ඔලුවෙ එක එක දේවල් play වෙනවද?

අලුත් කලාවක්..🎼..හොයා ගත්ත මං..🎵 .. | Suno Ai Creations

ඔයාට පාඩම් කරන්න අමාරු, නැත්තම් පාඩම් කරන්න කම්මලි පාඩමක් වෙනස්ම විදිහට පාඩම් කරල බලමුද.නිකන් සින්දුවක් වගේ.මේ තියෙන්නෙ අපි එහෙම පාඩම් කරන්න ලෙසි වෙන්න කියල හදල බලපු සින්දුවක් ඔයත් අහල බලන්න

https://suno.com/song/7ac4c070-9249-400d-9c93-d4adc17fb4f2

ඉතින් ඔයා මේ වැඩේට කැමති නම් අපි කියල දෙන්නම් කොහොමද මෙහෙම සින්දු හදා ගන්නෙ කියල.

හැබැයි ඔයාට මේ වැඩේට music,singer,music produceser කෙනෙක් වගේම recording studio එකක් අවශ්‍ය වෙනවා.ටිකක් සල්ලි වියදම් කරන්නත් වෙයි.

දැන් ඔයාට හිතුනද අපෝ මේ මොන මගුලක්ද් ඔනෙ නෑ නිකන් ඉන්න එක ඊට වැඩිය හොදයි කියලා.

අලුත් කලාවක්..🎼..හොයා ගත්ත මං..🎵 .. | Suno Ai Creations

නෑ නෑ මම පොඩි විහිලුවක් කලේ.ඔය ඔක්කොම දේවල් නැතුව lyrics ටික විතරක් තියාගෙන විනාඩි 2, 3ක ඇතුලත් සින්දුවක් හදන්න දැන් පුලුවන් කියල ඔයා දන්නවද?

වචන වලින් සින්දු මවන අලුතම AI Tool එක ගැන තමයි මේ කතාබහ. දැනටම ඔබ මේ ගැන දන්නවත් ඇති හරි නොදන්නවමයි කියමුකෝ ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ වගේ සින්දු හදන්න පුළුවන් AI Tool වන SUNO AI ගැන.

ඇමරිකාවේ කේම්බ්‍රිජ්හි සංගීතඥයින් සහ කෘතිම බුද්ධි විශේෂඥයින් කණ්ඩායමක සොයාගැනිමක වෙන suno 2023 දෙසැම්බර් 20 සිට වචන සහ සංගීත ඒකාබද්ධ කරමින් යථාර්ථවාදී ගීත ජනනය කිරීම සඳහා නිර්මාණය කර ඇති කෘතිම බුද්ධි සංගීත නිර්මාණ වැඩසටහනක්.

අලුත් කලාවක්..🎼..හොයා ගත්ත මං..🎵 .. | Suno Ai Creations

සුනෝ විසින් මුල්ම ChatGPT හි පද රචනයකට අනුව "සන්සුන්, මනෝවිද්‍යාත්මක රොක්" සංගීත විලාසයකින් මිනිත්තු දෙකක ගීතයක් ජෙන්රේට් කරනවා.

අද වෙනකොට ඔබට විනාඩි 3ක 4ක ගීතයක් මිනිත්තු 2 තත්පර ගණක තුල ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ මෙහෙමයි.

මුලිනම් ඔයා ගූල්ගේ එකේ suno ai music කියලා type කරම එන site අතර උඩින්ම තියන Suno කියන වෙබ් site එකට යන්න.

මේ වැඩේ පටන් ගන්න කලින් ඔයාටම කියල sunuAI account එක්ක ඕනි වෙනවා.දකුණු පැත්තේ පහලින් තියන sing up වලට යන්න.

දැන් ඔයාට Create your account කියලා option 03ක් පෙන්නයි. ඔයගේ sunoAI account එක හැදෙන්න ඕනි එක සිලෙකට කරන්න. gamil වලින් account එක create කරගන්නවා නම් ඔයාගේ gamil account එකයි password එකකයි දුන්නම ඔයාට පුළුවන් ඔයාගෙම account එකකින sunoAI වලින් සින්දු ජෙනරේට් කරන්න.

හරි දැන් අපි සින්දුවක් හදමුකෝ. දැන් site එකෙ දකුණු පැත්තේ උඩින්ම තියන create වලට යන්න.

හොදම දේ අමතක උනා ඔක්කොටම කලින් ඔයා  සින්දුව හදන්න ඕන ලිරික්ස් ටික හදාගෙන ඉන්න ඕන.පාඩම් කරන්න ඕන ටික පෙල ගස්වාගෙන කොපි කරල තිය ගන්න.

create වලට ගියාම මෙනු එකේ උඩින්ම් තියන Custom Mode එක ඕන කරගන්න ඕනි. එතකොට box 04ක් ඔයාට දකින ලැබෙයි. හරි දැන් ඔය, ලියපු ඔයගේ ලිරික්ස් ටික Lyrics කියන box එකේ type හෝ paste කරන්න.

ඊලග box එකේ තියන Style of Music වලින් ඔයාගේ මේ ලිරික් වලට ගැලපෙන් විදිහේ music trck එක්ක select කරන්න් පුළුවන්.

එකක් නෙවෙයි කිහිපයක්ම use කරන්න පුළුවන්. හැබයි මේ තියන ඒවා ඔයාගේ සින්දුවට set වෙන්නේ න කියලා හිතුනොත් ඔයාට පුළුවන් ඒ box එකේ ඔයාට අවශ්‍ය විදිහේ music trck එකක් ජෙනරේට් කරන්න ඕනි ප්‍රොම්ට් එක type කරන්න.

දැන් ඔයාගේ සින්දුවේ Title එකයි V3 ද v2 ද කියලා තෝරලා පහලින් තියන create උඩ click කරාම ඔයාගේ ලිරික් වලට ඔයාට ඕනි විදිහේ music එකකට සින්දුව ජෙනරේට් වෙලා තියන විදිහ බලගන්න පුළුවන්.

අලුත් කලාවක්..🎼..හොයා ගත්ත මං..🎵 .. | Suno Ai Creations

ඔයාට කැමති ඕනම විදිහට ඔනෙම කෙනෙක්ට ඔනෙම වචන පෙලක් සින්දුවක් කරන්න මේකට පුලුවන් . සින්දුව හදන්න අහන්න විතරක් නෙවෙයි ඔයාට මේ සින්දුව ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්.

ඒ සින්දුව ලග තියන ඩොට්ස් තුන click කරාම එන මෙනු එකෙන්. ඔයාට ඩවුන්ලෝඩ් යටතේ ඕඩියෝ එක වගේම වීඩියෝ එකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි ඔයාගේ සින්දුවේ ලින්ක් එක copy කරගන්න වගේම share කිරීමේ හැකියාවත් ඔයට මේ ඔස්සේ ලැබෙනවා.

එතනම තියන Edit Details වලින් සින්දුවේ title එකයි ෆොටෝ එකයි වෙනස් කරන්නත් පුළුවන්.

අලුත් කලාවක්..🎼..හොයා ගත්ත මං..🎵 .. | Suno Ai Creations

හැබයි sunoAI හරහා ඔයාට ඔයාගේ එක account එකකින් හදන්න පුළුවන් සින්දු 05ක් විතරයි. එකියන්නේ sunoAI එක ඔයාට 50 credits දෙනවා.

එකේදී එය එක සිංදුවකට 10 credits කපාගෙන free සින්දු 05ක ඔයට ජෙනරේට් කරගන්න අවස්ථාව දෙනවා. ඉතින් ඔයාට මුළු දවසෙම සින්දු හදන්න ඕනි නම් SunoAI Subscription එක සල්ලි දීලා ගන්න වෙනවා.

ඒ ගැන credit වලට පහලින් තියන Subscription උඩ click කරාම එන Manage Subscription හරහා මාසේකට ඔයා ගෙවන්න ඕන ගාන සහ අවුරුද්දකට ඔයා ගෙවන්න ඕන ගාන බලගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි sunoAI කියන්නේ තවමත් update වෙන් softwaer එක නිසා What's New? හරහා ඔබට මේකේ තියන අලුත්ම updates ගැන දැනගන්නත් පුළුවන්.

මේ විඩියෝ එක බලන්න ඔයාට මේ ගැන පියවරෙන් පියවර පැහැදිලිව හොදට කියලා දෙනවා.

 

අලුත් කලාවක්..🎼..හොයා ගත්ත මං..🎵 .. | Suno Ai Creations

ඔයාලත් ට්‍රයි එකක් දීලා බලන්න හැබැයි ළමයෝ පාඩම් කරන්න කියල මෙකෙන් සින්දු හද හද නම් ඉන්න එපා.අම්මලගෙන් මට තමා බැනුම් අහන්න වෙන්නෙ බහුබූත කියල දෙනව කියල.