සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක, යුධ හමුදා සෙබලා සියදිවි නසා ගනී..
Sri Lanka Police
Sri Lanka
By krishani
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතාගේ නිවසේ ආරක්ෂාවට රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සෙබළෙකු සියදිවි හානිකරගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ අද(04) පෙරවරු 7.30 ට පමණ මන්ත්‍රීවරයාගේ නිවසට යාබද ඉඩමක දී සෙබළා වෙඩි තබාගෙන ඇති බවයි.අදාළ සෙබළා T-56 ගිනි අවියක් භාවිත කර ඇති අතර මියගොස් ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි සෙබළෙක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |