කෝටිපතියෙක් බැන්ඳ සුරූපී නිලි සුලේඛා ජයවර්ධන ආදරණීය පුතුගේ 2වන උපන්දිනය ජයටම සැමරපු හැටි (PHOTOS)

By Sithumi Jan 20, 2023 04:04 PM GMT
Report

දැන්නම් අපට කළා නිර්මාණ තුලින් දකින්න නොලැබුනත් අපේ කළා ක්ෂේත්‍රය තුල හිටපු දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සුලේඛා ජයවර්ධන කියලා කියන්නේ. ඉතින් ඇයගේ රුව දුටු ගමන් අපේ රටේ කොයි කාටත් ඇයව මතකයට එනවා නොඅනුමානයි. 

 කොහොම නමුත් ඇය දැන් සම්පුර්ණයෙන්ම රංගනයෙන් ඉවත් වෙලා මේ වනවිට ඇයගේ ආදරණීය සැමියයි පුංචි පුතයි එක්ක පෞද්ගලික ජීවිතය බොහොම ආදරෙන් සතුටෙන් ගෙවාගෙන යනවා. ඉතින් මීට වසර කිහිපයකට කලින් පුංචි තිරයට නැතිවම බැරි වුනු දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.  

නමුත් පහුගිය කාලයේ ඇය කලා ජීවිතයෙන් සමු ගත්තේ වැඩි සද්ද බද්දයක් නැතුවමයි. ඉතින් ඇය ඇයගේ විවාහයත් එක්ක රංගනයෙන් ඈත් වුනත් සමාජ මාධ්‍ය තුලනම් ඇය ක්‍රියාකාරී චරිතයක් විදිහට අපිට නිතරම දකින්න ලැබෙනවා. ඉතින් අදටත් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන චරිතයක් තමයි ඇය.  

ඒ වගේම අපේ රටේ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟ යුග දිවියට පිවිසුණු ඇය මේ වනවිට කාටත් ආදර්ශයක් ලබා දෙමින් බොහොම සුන්දර ආදරණීය ජීවිතයක් ගත කරන බව කාටත් රහසක් නම් නෙවෙයි. ඒ වගේම තමයි ඇය පහුගිය කාලයේ හා හා පුරා කියලා උතුම් මව් පදවිය ලබන්නත් වාසනාවන්ත වුණා.  

ඉතින් ඒ පුංචි පුත් කුමාරයෙක් මේ ලෝකෙට බිහි කරමින්. ඉතින් මේ පුංචි පුතා මෙලොව එලිය දැකලා දැන් අවුරුදු දෙකකුත් ගත වෙලා. ඉතින් මේ පුංචි මයෝන් පුතා පවුලේ හැමෝමත් එකතු කරගෙන පහුගිය දවසක ඔහුගේ 2වන උපන්දිනය ජයටම සමරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. 

 ඉතින් අපිත් මේ පුංචි පුතාට සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.