ජීවන අංක 01 හිමි අය - පෙම්වතා සහ පෙම්වතිය නිවැරදිව තෝරා ගැනීමේදී ගැලපෙනම අංක. - දෙවෙනි කොටස (5 - 9)

Astrology
By Wayomi Mar 13, 2024 11:34 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අංක විද්‍යානුකූලව ඔබගේ ජීවන අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනාගන්නා ආකාරය ගැන අපි මීට කලින් ලිපියක් පළ කළා.

ඒ, අංක 1, 2, 3 සහ 4 යන ජීවන අංක ගැනයි.

ජීවන අංක 01 හිමි අය - පෙම්වතා සහ පෙම්වතිය නිවැරදිව තෝරා ගැනීමේදී මෙන්න මේ අංක හිමි අය තෝරාගන්න.

ජීවන අංක 01 හිමි අය - පෙම්වතා සහ පෙම්වතිය නිවැරදිව තෝරා ගැනීමේදී මෙන්න මේ අංක හිමි අය තෝරාගන්න.


ඉතින් අද මේ කතා කරන යන්නේ ජීවන අංක 01ට ජීවන අංක 5,6,7,8 සහ 9 යන ජීවන අංක ඔබට ගැලපෙන්නේ කොහොමද කියලා.

🟢ජීවන අංක 1ට ජීවන අංක 5 වන අයගේ ගැළපීම.

මෙම අංක එක සහ පහ හිමි අයෙකුගේ ගැළපීම එතරම් සාර්ථකභාවයක් දැකිය නොහැකිය. මෙය දුර්වල සම්බන්ධතාවක් ලෙස සඳහන් කළ හැකිය. මුලින් හොඳට හිටියද ටික කාලයක් යන විට ගැටලු ඇති කරයි. දීර්ඝකාලීනව සබඳතාව පවත්වාගෙන යාමට නොහැකි විය හැකිය.

අංක එක හිමි කෙනා තම අරමුණ වෙනුවෙන් කැපවුණ ස්ථාවර ගති ස්වභාවයන්ගෙන් යුතු අයකු වන අතර අංක පහ අස්ථාවරභාවයෙන් යුතු වෙනස්වනසුලු ගති ස්වභාවයන්ගෙන් යුක්ත ලිංගික ආසාවන් බහුලව ඇති කරන ගතියක් පෙන්වයි. මෙහිදී අංක එක පිරිමියා වී අංක පහ ස්ත්‍රිය වුවහොත් මෙම නොගැළපීම වඩාත් තීව්‍ර වනු ඇත. අංක එක ස්ත්‍රිය වී අංක පහ පිරිමියා වුවහොත් පිරිමියාගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ස්ත්‍රිය දැඩි කැප කිරීමක් කළ යුතු අතර ස්ත්‍රිය එය තේරුම්ගෙන කටයුතු කිරීම මත දෙදෙනාගේ ඉදිරි ජීවිතය තීරණය වෙයි.


🟢ජීවන අංක 1 ට ජීවන අංක 6 වන අයගේ ගැළපීම.

මෙම අංක හිමියන්ගේ ගැළපීම ඉතා යහපත් මට්ටමක හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමට හැකියාව ඇතිකරයි. අංක එක පිරිමියා විශ්වසනීය යහපත් ගති ස්වභාවයෙන් යුක්තව කටයුතු කරන අතර අංක 6 ස්ත්‍රිය ආදරණීය බිරියක් ලෙස ගෙදර වගකීම් මනා ලෙස තේරුම්ගෙන කටයුතු කරයි.

අංක 6 ස්ත්‍රියගේ ප්‍රියමනාප කාරුණික ගතිය තරමක් දැඩි ගති ඇති අංක එක හිමි පිරිමියා අවනත කරගැනීමට සමත් වෙයි. මෙහිදී පිරිමියා අංක 6 වී ස්ත්‍රිය අංක 1 වුවහොත් ස්ත්‍රියගේ සියලු කටයුතු වෙනුවෙන් පිරිමියාගේ උපරිම සහයෝගය ලැබෙයි. එමෙන්ම ඔහුගේ ආදරය සහ ආරක්ෂාවද මනාව ලැබේ. එමෙන්ම අංක 1 ස්ත්‍රිය අංක 6 ස්වාමියාව නිතරම සතුටින් තැබීමටත් ඔහුගේ කටයුතු සොයා බලා කර දීමටත් උත්සාහ කරයි. නමුත් මෙහිදී අංක එක පුද්ගලයාගේ ආත්මාර්ථකාමී ගතියත් අංක හය කෙනාගේ පරාර්ථකාමී ගතියත් නිසා දෙදෙනා අතර යම් මත ගැටුම් විටින්විට ඇතිවිය හැකිය.


🟢ජීවන අංක 1ට ජීවන අංක 7වන අයගේ ගැළපීම.

මෙම අංක අතර ගැළපීමද ඉතාම යහපත් හොඳ සම්බන්ධතාවක් ලෙස සඳහන් කළ හැකිය. ජීවිතය සතුටුදායක ආකාරයෙන් පවත්වා ගැනීමට හැකියාව ඇත. අංක 1 පිරිමියා ඉදිරියට යාමට කැමති වගකීම් මනා ලෙස ඉටුකරන තම ස්වාධීනත්වය පිළිබඳ තදින් හිතන තැනැත්තෙකු වේ.

ඔහුගේ මෙම ගතියට සහජ ඥානයක් සහිත හොඳ සහයෝගීතාවක් දක්වන කැපවීමේ ගුණයෙන් යුක්ත අංක හත ස්ත්‍රිය මනා ලෙස ගැළපෙයි. දෙදෙනාගේ රුචි අරුචිකම් අතර හොඳ ගැළපීමක් තිබේ. අංක හත ස්ත්‍රිය තුළ තිබෙන ආකර්ෂණීය බව සහ විශ්වසනීය භාවයත් නිතර සමාව දීමට සූදානම් වන ගතියත් නිසා අංක එක පුද්ගලයා සමග ගැටුම් මතවාද ඇතිවුවද ඒවා සමථයකට පත් කරගෙන ඉදිරියට යාමේ හැකියාව පවතී.


🟢ජීවන අංක 1 ට ජීවන අංක 8 වන අයගේ ගැළපීම.

මෙම අංක හිමියන් අතර ඇතිවන බැඳීම සාමාන්‍ය සබඳතාවකි. යහපත් ලෙස සබඳතාව දීර්ඝකාලීනව පවත්වාගෙන යාමට නම් දෙදෙනා අතර මනා අවබෝධයක් තිබිය යුතුය. දෙදෙනා තුළ පවතින දැඩි මතධාරී ගතිය නිසා ගැටුම් ඇති කරයි. සබඳතාව ඉදිරියට පවත්වාගෙන යාමට නම් නිතරම දෙදෙනාගෙන් එක් අයෙක් යටත් වීමට සූදානම් විය යුතුය. අංක එක පුද්ගලයා තම ආවේගශීලීභාවය පාලනය කරගැනීමටත් සමාව දීමටත් සූදානම් විය යුතු අතර අනිත් කෙනාගේ සිත තමා වෙත ඇදබැඳ තබා ගැනීමටත් කටයුතු කළ යුතුය.

දෙදෙනා අතර මනා සහයෝගයත් ආදරයත් තිබේනම් පමණක් ඉදිරියට යාමට මේ අයට අවස්ථාව ලැබේ. මෙම කැප කිරීම් කරන අය හොඳ සබඳතා පවත්වාගෙන යනු දැකිය හැකිය. එසේ නොවන්නේ නම් දැඩි පීඩාකාරි තත්ත්වයන්වලට මුහුණ දීමට සිදුවිය හැකි අතර අවසානයේ වෙන්වීම දික්කසාදය වැනි තත්ත්වයක් ඇති කළ හැකිය. අංක එක ස්ත්‍රිය වී අංක අට පිරිමියා වීම තුළද හොඳ අවබෝධයක් සහ කැපකිරීම් තුළ ඉදිරියට යා හැකිය. බොහෝ විට මෙහිදී අංක එක ස්ත්‍රිය වෙනත් ආදරයක් සොයා යාමට ඉඩ තිබේ.


🟢ජීවන අංක 1ට ජීවන අංක 9 වන අයගේ ගැළපීම.

මෙම අංක දෙක අතර ගැළපීම හොඳ යහපත් සබඳතාවකි. අංක එක පිරිමියාට අංක නවය ස්ත්‍රිය මනා ලෙස ගැළපෙන්නේ අංක එක පිරිමියා තුළ තිබෙන අඩුපාඩුවලට ගැළපෙන ගුණාංග අංක නවය තුළින් පරිපූර්ණය වීම නිසයි. අංක එක තුළ තිබෙන ඒකාධිකාරී තමා ප්‍රමුඛයා වීමේ ස්වභාවයට අංක නවය තුළ තිබෙන මානව හිතෛෂීභාවය සහ අනුකම්පාව මනා ලෙස සංකලනය වෙයි. අංක එකට හොඳ සහයෝගයක් අංක නවය තුළින් ලබා දෙයි.

පිරිමියා අංක නවය වී ස්ත්‍රිය අංක එක වී අංක මාරු වී යෙදුණද ගැටලුවක් ඇති නොකරයි. දෙදෙනා අතර මත ගැටුම් වාද විවාද ඇති කරන අවස්ථාවක් වන්නේ අංක එක පුද්ගලයා තමා මූලික කොට සිතීමත් අංක නවය පුද්ගලයා අන් අය හෙවත් සමාජය මූලිකකොට සිතීම නිසාය.

- අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි -  

ජීවන අංක 2 හිමි අය - පෙම්වතා සහ පෙම්වතිය නිවැරදිව තෝරා ගැනීමේදී මෙන්න මේ අංක හිමි අය තෝරාගන්න.

ජීවන අංක 2 හිමි අය - පෙම්වතා සහ පෙම්වතිය නිවැරදිව තෝරා ගැනීමේදී මෙන්න මේ අංක හිමි අය තෝරාගන්න.

ජීවන අංක 2 හිමි අය - පෙම්වතා සහ පෙම්වතිය නිවැරදිව තෝරා ගැනීමේදී ගැලපෙනම අංක. - දෙවෙනි කොටස (5 - 9)

ජීවන අංක 2 හිමි අය - පෙම්වතා සහ පෙම්වතිය නිවැරදිව තෝරා ගැනීමේදී ගැලපෙනම අංක. - දෙවෙනි කොටස (5 - 9)