බිඳ වැටුණු ප්‍රේමය දරා ගත නොහැකිව සිසුවියක් දිවි තොර කරගනී...
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
By Gagana
ප්‍රේම සබඳතාවයක් බිඳ වැටීම හේතුවෙන් 17 හැවිරිදි සිසුවියක් ඊයේ (12) ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙම සිසුවියගේ ප්‍රේම සබඳතාවය බිඳ වැටීම හේතුවෙන් මෙලෙස ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවයි.
සිසුවියගේ නිවසේ කිසිවෙකු නොමැති නිසා අසල්වාසීන් විසින් සිසුවියට කතා කර ඇති අතර කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා නිවසට ඇතුළු වී බැලීමේදී ඇය ගෙල වැළලාගෙන සිටිනු දැක තිබෙනවා.
වාර්තාකරු පැවසුවේ ඇයව පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කරන විටද මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකාරියක්.
කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවට සඳහන්.