අවන්හලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්..15ක් මරුට..

Accident Somalia World news Suicide bomber attack
By Aruna Feb 20, 2022 06:01 AM GMT
Report

අවන්හලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 15දෙනෙකු මිය ගොස් තවත් 20දෙනෙකු තුවාල ලබා ඇති බව මධ්‍යම සෝමාලියාවේ රාජ්‍ය රූපවාහිනී සේවය පවසනවා.

මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සිදුවූවක් බව පොලීසිය සහ රාජ්‍ය නිලධාරීන් තහවුරු කර ඇත.

ඇසින්දුටු සාක්ෂිකරුවන්ට අනුව පිපිරීම සිදුව ඇත්තේ හසන් ඩීෆ් අවන්හලේ මිනිසුන් දිවා ආහාරය ගනිමින් සහ විවේකීයව විවෘත ප්‍රදේශයක රැස්ව සිටි අවස්ථාවේදීයි.

මේ අතර, අල්-කයිඩාවට අනුබද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් වන අල්-ෂබාබ් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව ත්‍රස්ත කණ්ඩායම් නිරීක්ෂණය කරන SITE බුද්ධි අංශයේ වාර්තා පවසයි.

අල්-ෂබාබ් සංවිධානය මීට පෙර අප්‍රිකාවේ අඟ ලෙස සැලකෙන ප්‍රදේශයේ මෑත කාලීන ප්‍රහාර මාලාවක වගකීම භාරගෙන ඇත.

සෝමාලියානු අගමැති මොහොමඩ් රොබල් විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

පිපිරීමට ගොදුරු වූවන් අතර මූලික වශයෙන් සිවිල් වැසියන්ද වන බව සමාජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය දිස්ත්‍රික් කොමසාරිස්වරයා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now