සීනි මිලත් පහළ දැමේ..

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Mar 08, 2023 11:52 AM GMT
Report

 පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය සදහන් කරන්නේ, සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.

ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගෙන ඇති බව සංගමය දැනුම්දෙනවා.

මේ වනවිට සීනි කිලෝවක තොග මිල රුපියල් 228ක් පමණ වන අතර මෙම මිල අඩුකිරීමත් සමග පාරිභෝගිකයාට යම් සහනයක් හිමිවනු ඇති බව වෙළෙඳුන් පවසයි.

එමෙන්ම,අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල අඩු කර ඇත.

ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි මිල රුපියල් 15කින් අඩු කර ඇති බවයි වාර්තා වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now