සීනි මිලට ලඟදීම වෙන දේ ගැන අනාවරණයක්..
තායිලන්තයෙන් සීනි ආනයනය කිරීමට සිදු වුවහොත් වෙළඳපොලේ සීනි මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන් පවසනවා.
ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ යා හැකි බවයි ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.
දැනට වෙළඳපොළේ සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 265ත් 300ත් අතර මිලකටයි.
වෙළඳපොලේ සීනි මිල ඉහළයාමක් වාර්තා වූයේ ඉන්දියාව විසින් ජාත්‍යන්තර වෙළඳපොළට සීනි ඇතුළු තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් අපනයනය නතර කිරීම හේතුවෙන්.
යුක්රේන අර්බුදය ඇතුළු තවත් කරුණු කිහිපයක් මත ඉන්දියාව සීනි, තිරිඟු ඇට ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් අපනයනය අත්හිටුවනු ලැබුවා.
කෙසේ වෙතත් බංගලාදේශය, මියන්මාරය, මාලදිවයින් ඇතුළු තවත් රටවල් කිහිපයක් රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වී මෙම අපනයන තහනම ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව සීනි ආනයනකරුවන් විසින් ද රජයෙන් ඉල්ලා ඇත්තේ මේ සඳහා රාජතාන්ත්‍රිකව මැදිහත් වී සීනි අපනයන තහනම ඉවත් කරගන්නා ලෙසටයි.
මේ අතර වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 45 දක්වා ඉහළ ගොස් ඇති අවස්ථාවක තම සංගමය සතුව අවශ්‍ය තරම් බිත්තර තොග පවතින බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |