හදිසියේම එළවළු මිල පහත වැටෙයි - හේතුව මෙන්න.

Vegetables Vegetables Price Vegetable Price Today
By Wayomi Jan 22, 2024 06:13 AM GMT
Report

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අනුර ශාන්ත හෙට්ටිආරච්චි පවසන පරිදි දින 05ක් ඇතුළත එළවළු මිල 40%කින් අඩු වී තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ, නුවරඑළියේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඊට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ, පාරිභෝගික ජනතාව එළවලු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කොට විකල්පවලට යොමුවීම හේතුවෙන් එළවලු මිල අඩු වී ඇති බවයි.

පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ රුපියල් 2,500 දක්වා ඉහළ ගොස් තිබූ කැරට් කිලෝවක සිල්ලර මිල අද වන විට රුපියල් 900 දක්වා පහත බැස තිබෙනවා.

මේ අතර ගෝවා, ලීක්ස්, බීට්රූට් සහ බෝංචි යන එළවලුවල මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.


                                                                                                    Sponsored By Sarrita Jewellery

හදිසියේම එළවළු මිල පහත වැටෙයි - හේතුව මෙන්න. | Suddenly The Price Of Vegetables Falls