2025 හොද අවුරුද්දක් කරන්න අද ඔයා විනාඩි 10ක් අරගෙන කරන්නම ඕනි දේ..
අලුත් අවුරුද්දක් උදා වෙද්දි හැමෝගෙම බලාපොරොත්තු අලුත් වෙලා හොද අලුතින් ජීවිතේ ආරම්භ කරන්න හොද අභිප්‍රේරණයක් ලැබෙනවා.
ඉතින් අද උදා වුණු අලුත් අවුරුද්ද හොදින් ගත කරන්න නම් අපි හොද ඉලක්ක සැලසුම් සහ කාල රාමුවක් එක්ක ඉදිරියට යන එක වටිනවා.
1.ගතවූ අවුරුද්දේ ඔබේ ජයග්‍රහණ සටහන් කරගන්න. ගතවූ අවුරුද්ද තුළ ඔයා ඔයාගේ ජීවිතේට ලගාකරගත් දේවල් මොනදද කියලා හිතන්න.ඒ දේවල් සටහන් කරගන්න. ඒ දේවල් ඔයාට ලැබුණු විදිය ඔයා ඒ දේවල් ලගා කරගන්න මහන්සි වුණු විදිය සටහන් කරගන්න.
2. ඔබේ ජීවිතේ මේ වසර අවසන් වන විට ලගා කරගත යුතු ප්‍රධානම ඉලක්ක තුන සටහන් කරගන්න. එම ඉලක්ක නැවත සමාලෝචනයක් කර ඔබ ඒ වෙනුවෙන් කළ යුතු දේ පිළිබදව සැලසුම් සකස් කරන්න
3. ඔබේ ජීවිතෙන් ඈත් කරගත යුතු දේ සටහන් කරගන්න. ඔබේ ජීවිතේ සාර්ථකත්වයට හානි කරන අනවශ්‍ය සබදතා ජීවිතෙන් ඈත් කරන්න. ස්ක්‍රීන් ටයිම් එක වැඩිනම් එය අඩු කිරීමට කාලය යොදවන්න
4. අනවශ්‍ය වියදම් කපා හරින්න. ඔබේ ජීවිතේ අනවශ්‍ය වියදම් හදුනාගන්න. ඔබ හදුනාගැනීමට නොදන්නේ නම් ඔබ මාස තුනක කාලයක් එය සටහන් කරගන්න.
ඒ අනුව ඔබට ඔබේ අනවශ්‍ය වියදම් හදුනා ගැනීමට හැකියාව තිබෙනවා.
5.ඔබේ තත්ව සටහන් පොතක් ආරම්භ කරන්න. ඔයාගේ ජීවිතේ නව දේවල් අද්දැකීම් නව අවසතා සහ ඉගෙන ගන්නා දෙව් පිළිබදව සටහන් කරගන්න.