අද තෝරා ගැනීමට නියමිත අනුප්‍රාප්තික ජනපතිට ලැබෙන බලතල මොනවද?

Sri Lanka Parliament Sri Lanka Cabinet Government Of Sri Lanka President of Sri lanka
By Wayomi Jul 20, 2022 05:51 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ වන විට ලංකාවේ 8 වන විධායක ජනපති තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසුම ආරම්භ වෙලා තියෙනවා. මෙය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම කියලා කියන්නත් පුළුවන්.

1981 ජනාධිපතිවරණ විශේෂ විධි විධාන පනත අනුව අද පාර්ලිමේන්තුවේදි මෙම ඡන්ද විමසීම සිදු කරනු ලබනවා.

අද ඡන්ද විමසීමේ විශේෂත්වය වන්නේ, විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසන ප්‍රථම අවස්ථාව වීමයි.

මීට පෙර 1993 වසරේදී රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසු ජනාධිපති ධුරය පුරප්පාඩු වූ අවස්ථාවේදී ඉතිරි කාලය සඳහා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූයේ එකල අග්‍රාමාත්‍ය ඩී. බි. විජේතුංග මහතායි.

ඒ, එවක පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන්.

අද පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවැත්වෙන්නේ රහස් ඡන්දයක්.

එහිදී අපේක්ෂකයින් තුන් දෙනෙකු ඉදිරිපත්ව සිටින බැවින් පළමු දෙවැනි හා තෙවැනි මනාප ද සලකුණු කිරීමට මන්ත්‍රීවරුන්ට අවකාශ හිමි වන අතර මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගන්නා තැනැත්තා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරීපත්වනු ඇති.

ඉදිරි වසර දෙකහමාරකටත් අධික කාලයක් සඳහා ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට වරම් හිමි කර ගන්නා අනුප්‍රාප්තිකයාට ද මහජන ඡන්දයෙන් තෝරාපත්කර ගන්නා ජනාධිපතිවරයාට සමාන සියලු බලතල හා වරප්‍රසාද හිමි වෙනවා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ද සිය කැමැත්තෙන් ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඉවත් කළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW