සාර්ථකව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කෙසේද?

By Subodha Jun 09, 2022 08:52 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අද කාලයේ තරඟකාරී සම්මුඛ පරීක්ෂණයකට යෑමේදී පුද්ගල පෞරුෂයත්වයට හිමි වනුයේ ප්‍රධානතම තැනකි. ඔබ රැකියා අපේක්ෂකයකු වශයෙන් ඉතා හොදින් හැද පැලද, හොද ආකල්පයක් නිර්මාණය කරන්නේ නම් සම්මුඛ පරීකෂණයේ බොහෝ දුරක් ජය ගත හැක.

1. ඇඳුම

මෙහිදී සාරිය/ඔසරිය ඇදීම සාය (Pencil Skirt) හා හැට්ටය ඇදීම හෝ කලිසම් සූට් (Pant Suit) ඇදීම සිදු කල හැක. උදය වරුවේ නම් ලා පැහැයන් ද සවස් වරුවේ නම් තරමක තද වර්ණ ද භාවිතා කල හැකිය. උත්සව අවස්ථාවලට අදින තද පාට හා දිස්නය දෙන වැඩ දැමූ ඇදුම් නොඇදිය යුතු අතර ලොකු මෝස්තර සහිත ඇඳුම් කොහෙත්ම සුදුසු නැත. සරල කාර්යාලීය පරිසරයක් නම් Smart Casual ඇඳුම් ඇඳී වැනි ඇඳුම් ඇඳිය හැක.

2. දේහ භාෂාව

අපි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න දොරෙන් ඇතුල් විමත් සමග එමවෙලේ ඉඳන් අපිට ලකුණු ලැබෙනවා. පුරුද්දට කොයි වෙලෙත් කොණ්ඩේ හදන්න එපා. නියම නෝනා කෙනෙක් වගේ පුටුවේ වාඩි වෙන්න. හෑන්ඩ්බෑග් එකක් අරන් යනවා නම් ඒක මේසේ උඩින් තියන්න යන්නේ නැතුව පුටුවේ පැත්තකින් බිමින් තියන්න.

3. කතාව

ගැහැණු ළමයි ගැන මොන විදියේ නිර්වචන සමාජයෙන් ලැබිලා තිබ්බත් ඒ එකක්වත් සම්මුඛ පරීක්ෂණයේදී අදාළ කරගන්න යන්න එපා. හරි හුරතල් කියලා කියන නිසා එතන ගිහින් තොදොල් වෙන්න එහෙම එපා. තමන් අනික් අයට වඩා වෙනස් ශක්තිමත් අයෙක් කියලා පෙන්නන්න. සම්මුඛ පරීක්ෂණයේ දී ඔබ කිසිවක් නොදන්නා ක්ෂේත්‍රයකින් ප්‍රශ්න අහන්නේ නම් එහි ගැඹුරට ගොස් අමාරුවේ නොවැටී ඒ ගැන ඔබ නොදන්නා බව කියන්නට නොපැකිලෙන්න. ඔබ වඩාත් හොදින් දන්නා ක්ෂේත්‍රයකින් ප්‍රශ්න අසන විට ඒ පිළිබද වැඩි අවධාරණයක් ලබා ගනිමින් හැකි තරම් ලකුණු ලබා ගන්න. නිශ්ශබ්දව නොසිටින්න. ආයතනය තුළ ඔබේ වෘත්තීය ඉදිරි ගමන හා පුහුණු අවස්ථා පිලිබද සම්මුඛ පරීක්ණ මණ්ඩලයෙන් ප්‍රශ්න අසන්න.

4. මේකප් හා ආභරණ

ආභරණ අවම වශයෙන් පැළදිය යුතු අතර විසිතුරු නොවන ඔරලෝසුවක් පැළඳිය හැක. තමන්ට ගැලපෙන හා සුව පහසු පාවහන් පැළඳිය යුතුය. පළඳින සපත්තු වලින් ඇතිවෙන පීඩනය ඔබේ පෙනුමට තදින්ම බලපානවා. ලා පැහැති මේකප් එකක් සහ සැර අඩු සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කල හැක. කෙස් කළඹඳ පිළවෙලකට සකසා ගන්න.

5. ආත්ම විශ්වාසය

රැකියා සම්මුඛ පරීක්ෂණයට පූර්ව සූදානමකින් යුතුව මුහුණදීම සම්මුඛ පරීක්ෂණයක සාර්ථකත්වය රඳා පවතින වැදගත්ම සාධකයක්. නිසි ඇඳුමෙන් සැරසී ආත්ම විශ්වාසයෙන් යුතුව බුද්ධිමත්ව, සන්සුන්ව මුහණදීමෙන් ඔබට සම්මුඛ පරීක්ෂණයේ ජය මග විවර කර දෙනු ඇත.

6. සෞඛ්‍ය ගැටලුවලින් මිදෙන්න

මාසික ආර්තවහරණය නිසා බඩ රිදෙන, වමනේ යන ස්වාභාවයක් ඔයාටත් තියෙනවා නම් වහාම වේදනා නාශක භාවිත කරන්න. නැත්නම් මේ සඳහා වෛද්‍ය සහය ලබාගන්න. මොකද අසනීප ගතියකින් ඉන්නවා නම් ඒක අපේ මූණෙන් පේනවා.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now