ඇති වූ සැකයකට පරීක්ෂා කිරීමේදී 17 හැවිරිදි සිසුවෙකු ලග තිබී හමු වු දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Jun 26, 2024 06:39 AM GMT
Report

තඹුත්තේගම පොලිසිය විසින් රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හයක් සන්තකයේ තබාගෙන තඹුත්තේගම බස් නැවතුම්පොළ රැඳී සිටි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොචියාගම උඩුනුවර ජනපදයේ පදිංචි (17) හැවිරිදි සිසුවෙකි.

තවත් ක්‍රිකට් තරුවක් පිටියට සමු දේ..

තවත් ක්‍රිකට් තරුවක් පිටියට සමු දේ..

සැකකරු ඊයේ (25) දහවල් තඹුත්තේගම බස් නැවතුම්පොළ අසල සැකකටයුතු ලෙස රැඳී සිටියදී , නැවතුම් පොලේ සිටි පොලිස් නිලධාරියකුට ඇති වූ සැකයක් මත තරුණයා පරීක්ෂාවට ලක් කර ඇත.එහිදී ඔහු සන්තකයේ තිබී රුපියල් 500ක ව්‍යාජ නෝට්ටු හයක් සොයාගෙන ඇත.

සැකකරුගේ තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ රැසක් නිවසේ තිබී පොලිසිය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

ජල රකුසා තවත් ජිවිත දෙකක් බිලි ගනී..

ජල රකුසා තවත් ජිවිත දෙකක් බිලි ගනී..

මේ වන විට තඹුත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%