මුහුදු ප්‍රදේශ කිහිපයකට තද සුළං - ධීවරයින්ට අනතුරු ඇඟවීමක්
Sri Lanka Fisherman
Weather
Latest Headlines
Sinhala news
By R.rishma
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද දැනුම් දී තිබේ.
ඒ අනුව, පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.