ධීවර හා නාවික කටයුතුවලට අවවාදාත්මක නිවේදනයක්

Weather Latest Headlines Thunder Sinhala news
By R.rishma Aug 14, 2026 01:04 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට ඉහළ යා හැකිය.

එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 55ත් 60ත් අතර දක්වා වැඩි විය හැකි අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මේ අතර, හෙට (15) දිනයේ සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, මොණරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවීම වැදගත් වේ.