තවත් වැඩ වර්ජන කරල ඉවරයි..පිටරටින් සේවකයින් ගෙන්නන්න රජයේ සූදානමක්..
Sri Lanka
Strike Sri Lanka
By Aruna
දින 6 කට පෙර
තව දුරටත් වැඩ වර්ජන සිදු කරමින් රට තුල අත්‍යවශ්‍ය ඒවා බිඳවැටීමේ තත්වයක් ඇතිවුණොත් එම සේවා පවත්වාගෙන යාම සඳහා විදේශීය සමාගම් කැඳවීමට රජය සූදානමින් සිටින බව වාර්තා වනවා.
වරාය වැනි සේවාවන් දිගින් දිගටම වැඩ වර්ජන මගින් අඩාල වුවහොත් දකුණු ආසියාවේ ප්‍රබලම වරාය මෙහෙයුම් සමාගමක් ඒ සඳහා කැඳවීමට දැනටමත් සාකච්ඡා සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
විදුලිබල දුම්රිය වැඩවර්ජන නිසා ජනතාවට සිදුවන පීඩා අවම කිරීමට මෙම යෝජනා ක්‍රියාත්මක කෙරෙනු ඇත.
කෙසේවෙතත් මෙම සේවාවන් පවත්වාගෙන යාමට විදේශ සමාගම් කැඳවන්නේ නම් ඔවුනට හමුදා ආරක්ෂාව යටතේ සේවාවන් පවත්වාගෙන යාමට ද ඉඩ ලැබෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |