බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ උද්ඝෝෂණයක් - පොලිසියත් එම ස්ථානයට..
Sri Lanka
Strike Sri Lanka
By krishani
ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් ආරම්භ කළ විරෝධතාව අත්නොහරින බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් එම සංගම් ඊයේ (05) උදෑසන බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළ අතර ඊයේ රාත්‍රී එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ යෙදී සිටි පිරිස් රැඳී සිටි කුඩාරම ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.
සිය ගැටලුවට විසඳුමක් ලැබෙන තෙක් එම ස්ථානයෙන් ඉවත්ව නොයන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේය.