ලෙඩ නිවාඩු දමා ආරම්භ කළ ඛනිජතෙල් සේවක වෘත්තිය ක්‍රියාමාර්ගය ගැන ගත් තීරණය..

Sri Lanka Strike Sri Lanka
By krishani Oct 19, 2022 04:13 AM GMT
Report

ලෙඩ නිවාඩු දමා ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර ඇති බවත් අද සිට යළිත් සිය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බවත් ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසයි.

ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනතට එරෙහි ව ඛනිජ තෙල් වෘත්තිය සමිති ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

මේ හේතුවෙන් කොළොන්නාව, මුතුරාජවෙල පර්යන්තවලින් සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන තෙල් නිකුත් කිරීමේ කටයුතු ඊයේ (18) අඩපණ විය.