නාසයේ ගල් හැදුණොත් මොකද කරන්නේ?

By Wayomi Aug 02, 2022 10:56 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අපේ සිරුරේ සමහර ඉන්ද්‍රියන් වල ගල් සෑදෙනවා.මෙය රෝගී තත්වයක්. සාමාන්‍යයෙන් ගල් සෑදෙන ඉන්ද්‍රියයන් අතර පිත්තාශය, වකුගඩු, මුත්‍රාශය, මුත්‍රා මාර්ගය ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. හැබැයි අපේ නසයෙත් ගල් සෑදෙන බව දැනගෙන සිටියද?

? පිටතින් නාසයට ඇතුළු වන ද්‍රව්‍යයක් වටා හෝ ලේ කුටියක් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් නාසය තුළ රැඳී එය වටා කාලයක් පුරා කැල්සියම් හා මැග්නීසියම් අංශු තැන්පත් වීම නිසා මෙලෙස නාසයේ ගල් ඇති වෙනවා.

? යම් කෙනෙකුගේ නාසයෙන් නිරන්තරයෙන් රුධිරය වහනය වීම සිදුවන්නේ නම්,

? ඇතැමෙකුගේ නාසයෙන් නිතරම දුර්ගන්ධයක් හමයි නම්,

? නාසයේ අවහිරතාවයක් දැනෙන්නේ නම්, හෝ

? අධික ලෙස කඳුළු ගලයි නම්,

මෙවැනි පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

? නමුත් ඇතැමුන් මෙම රෝග ලක්ෂණ පීනස යැයි වටහා ගෙන පීනසට පිළියම් කරන්න බලනවා.ඒ නිසා ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW