අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට වෙඩි - සැකකරුවන් පලා යයි..

STF Sri Lanka
By krishani Sep 01, 2023 12:36 PM GMT
Report

අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩි තබා තිබෙනවා.

ඒ කැලණිමුල්ලේ පාලම මත දී ය.

විශේෂ මෙහෙයුමක් සඳහා එක්ව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සැක කටයුතු ලෙස ධාවනය වූ මෙම යතුරුපැදිය නැවැත්වීමට සංඥා කර තිබෙනවා.

එහිදී එය නොනවත්වා ධාවනය වූ නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

කෙසේ වෙතත්, වෙඩි තැබීමෙන් පසු ඔවුන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.